තේ ශක්ති අරමුදලට අයත් මාතර හෙක්ටයාර 40.48ක මාවරල වත්ත ඉඩම හා තේ කර්මාන්ත ශාලාව


කොන්ඩච්චි වතුයායේ හෙක්ටයාර 1,541 ක ඉඩමකුත් ඒ අතර


නිමල කොඩිතුවක්කු


ඌන උපයෝජිත ඉඩම් දේපළ ප්‍රශස්ක උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයන් වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතන යටතේ පවතින ඌන උපයෝජිත ඉඩම්/දේපළ අතරින් පළමු අදියර යටතේ හඳුනාගනු ලැබූ ඌන උපයෝජිත ඉඩම්/දේපළ, 2025-06-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී ඇති අනුමැතිය පරිදි සුදුසු ආයෝජකයන් වෙත බැහැර කිරීම පිණිස මේ වන විට කටයුතු කරමින් පවතී.
 එකී පළමු අදියරට ඇතුළත් නොවූ ඌන උපයෝජිත ඉඩම්/දේපළ අදාළ ආයතන යටතේ තවදුරටත් පවතින බව නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව, පහත සඳහන් ඉඩම්/ දේපළ ප්‍රශස්ත උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයන් වෙත ලබාදීමට නියමිතය.
 දෙවන අදියර යටතේ හඳුනාගනු ලැබ ඇති ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම සතු ඌන උපයෝජිත ඉඩම් / දේපළ.
★තේ ශක්ති අරමුදලට අයත් මාතර දිස්ත්‍රික් ක්කයේ පිහිටි හෙක්ටයාර 40.48ක මාවරල වත්ත ඉඩම හා තේ කර්මාන්ත ශාලාව.
★ ශ්‍රී ලංකා කජු සංස්ථාව විසින් භුක්ති විදිනු ලබන කොන්ඩච්චි වතුයායේ හෙක්ටයාර 1,541 ක ඌන උපයෝජිත ඉඩම.