
- නිරවුල් කළ යුතු මුළු මුදල රුපියල් බිලියන 32.92 ක්
නිමල කොඩිතුවක්කු
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙතින් ලබාගත් වෛද්‍ය සැපයීම් සඳහා 2008 - 2023 කාල සීමාවට අදාළව නිරවුල් නොකළ ගෙවීම් නිරවුල් කිරීමට කැබිනට් අනුමැතිය හිම තිබේ.
වෛද්‍ය සැපයීම් අංශය විසින් දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අවශ්‍ය ඖෂධ හා අනෙකුත් වෛද්‍ය සැපයීම් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව හා දේශීය නිෂ්පාදකයන් වෙතින් මිල දී ගෙන ගබඩා කර බෙදාහැරීම සිදු කරනු ලැබේ.
එම මිල දී ගැනීම් සඳහා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත වාර්ෂිකව ඖෂධ සඳහා මහා භාණ්ඩාගාරය විසින් වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන මගින් 2023 -12-31 දින දක්වා ගෙවීම් සිදු කරනු ලැබ ඇත.
එහෙත්, 2008 සිට 2023 දක්වා කාලසීමාවට අදාළව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත තවදුරටත් නිරවුල් කළ යුතු රුපියල් බිලියන 32.92 ක මුදලක් පවතින බවට එම සංස්ථාව විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත අවස්ථා ගණනාවකදී දැනුම් දී තිබේ.
2018-01-01 දින සිට 2023-12-31 දින දක්වා රුපියල් බිලියන 23.87 ක් ගෙවිය යුතු බවට තහවුරු වී ඇත. එසේම, 2008-01-01 දින සිට 2017-12-31 දින දක්වා නිරවුල් කළ යුතු මුදල තවදුරටත් ගණනය කරමින් පවතී. ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින් 2018-01-01 දින සිට 2023-12-31 දින දක්වා වන කාලසීමාව වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් බිලියන 23.87 ක මුදල මෙම වර්ෂය තුළ අදියරගතව ගෙවීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd