- මාස තුනක ලියාපදිංචි කිරීමේ ප්‍රතිපත්තිය අඛණිඩව ක්‍රියාත්මක කරන්න
- සියයට 15ක ක්ෂයවීම් සහනය ලබා දීමට කිසිදු සාධාරණ හේතුවක් නෑ
භාවිත කරන ලද වාහන ආනයනය කිරීමේ දී දැනට ලබා දෙන සියයට 15ක ක්ෂයවීම් සහනය (depreciation) අහෝසි කරන ලෙස ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.
සියයට 15ක ක්ෂයවීම් සහනය ලබා දීම සඳහා කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවත්, එමගින් රජයට විශාල බදු ආදායමක් අහිමි වන බවත් CMTA අවධාරණය කරයි. මෙම සහනය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති වුව ද, ලංකා වාණිජ මණ්ඩලය හරහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා කිහිපයකදී ම CMTA මේ පිළිබඳව දිගින් දිගටම කරුණු පෙන්වා දී ඇත.
භාවිත කරන ලද වාහන ආනයනය කිරීමේ දී මෙම ක්ෂයවීම් සහනය ලබා නොදිය යුතු බව සංගමයේ ස්ථාවරය බවත් ආනයනය කරනු ලබන භාවිත කළ වාහන අතරින් බොහොමයක් ඉතා කෙටි දුරක් ධාවනය කර ඇති (virtually zero mileage) ඒවා වීමත්, ඒවායේ වටිනාකම ((CIF අගය) අලුත්ම වාහනයක මිලට බොහෝ දුරට සමාන වීම මෙයට හේතුව බවත් එම සංගමය පෙන්නා දෙයි.
දැනට පවතින ක්‍රමය අනුව, භාවිත කළ වාහන සඳහා බදු ගණනය කිරීමේ දී එහි වටිනාකමෙන් සියයට 15ක සහනයක් හිමි වේ. අලුත්ම වාහන හා සමාන වටිනාකමක් තිබියදීත්, භාවිත කළ වාහන සඳහා මෙවැනි සහනයක් ලබා දීමෙන් වෙළෙඳපොළේ සාධාරණ තරගකාරීත්වය නැති වන බවත්, එමගින් භාවිත කළ වාහන අඩු බදු මුදලකට ගෙන්වීමට අවස්ථාව ලැබෙන බවත් CMTA පෙන්වා දෙයි.
පාරිභෝගිකයන්ට සහනදායී මිලකට වාහන ලබා දීමට රජය දරන උත්සාහය CMTA අගය කරන නමුත්, එවැනි පියවර විධිමත් සහ සාධාරණ පදනමක් මත ක්‍රියාත්මක විය යුතු බව CMTA පවසයි. වාහන මිල අඩු කිරීම රජයේ අරමුණ නම්, බලයලත් නියෝජිතයන් හරහා ගෙන්වන අලුත්ම වාහන සඳහා ද මෙවැනි සහන ලබා දිය හැකි බවට ඔවුහු යෝජනා කරති.
2013 වසරේ නිකුත් කරන ලද ගැසට් පත්‍රය සිහිපත් කරමින් ක්‍ඵඕ පවසන්නේ, යම් ක්ෂයවීම් සහනයක් ලබා දෙන්නේ නම් එය වාහනයේ වයස මත පදනම් වූ විධිමත් ක්‍රමවේදයක් අනුව විය යුතු බවත්, එහි උපරිම සීමාව සියයට 10 නොඉක්මවිය යුතු බවත්ය. මෙම ක්‍රමවේදයෙන් සාධාරණත්වය සහතික කළ හැකි බව ක්‍ඵඕහි අදහසයි.
එසේම, වෙළෙඳපොළට ගෙන්වන ඕනෑම වාහනයක් මාස තුනක් ඇතුළත ලියාපදිංචි කළ යුතු බවට තවත් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇත. එම කාලය තුළ ලියාපදිංචි නොකරන්නේ නම්, ප්‍රමාද වන කාලය අනුව සියයට 4 සිට සියයට 40 දක්වා දඩ මුදල් අය කළ හැකිය. මෙම නීතිය පැනවීමේ අරමුණ වූයේ පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි පමණක් වාහන ආනයනය කිරීම සහතික කිරීම සහ වාහන තොග රැස්කර තබා ගැනීම සඳහා විශාල වශයෙන් විදේශ විනිමය වැය වීම පාලනය කිරීමයි. එබැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස CMTA රජයෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd