වසර දෙකක ආයෝජන ව්‍යාපෘතියක්
රට තුළ වාණිජ අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් කලාපීය මට්ටමින් ඉගෙනුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, රුපියල් මිලියන 289ක මුළු ඇස්තමේන්තුගත මුදලක් යටතේ 2026 වර්ෂයේ සිට 2028 වර්ෂය දක්වා කාලය තුළ ප්‍රධාන ආයෝජන ව්‍යාපෘතියක් ලෙස වාණිජ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් මධ්‍යස්ථාන 100ක් පිහිටුවීමේ ව්‍යාපෘතිය රාජ්‍ය ආයෝජන සැලැස්මට ඇතුළත් කරනු ලැබ තිබේ.
එම ව්‍යාපෘතියේ ආරම්භක අදියර යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස 2026 වර්ෂයේ දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි කලාපීය මධ්‍යස්ථාන 25ක් ආරම්භ කර ක්‍රියාත්මක කිරීමටත්, නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය මත පදනම්ව ඉතිරි කලාපීය මධ්‍යස්ථාන ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd