මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන යුනියන් බැංකුව කොළඹ කොටස් හුවාමාරුවේ සිදු කිරීමට යෝජනා කර ඇති රුපියල් බිලියන 3ක් වටිනා ණයකර නිකුතුව වෙත BB ලෙස අවසන් ජාතික දිගුකාලීන ශ්‍රේණියක් ලබා දෙන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි.
මෙම ණයකර නිකුතුව බාසෙල් III අනුකූල, උපප්‍රධාන ණයකර නිකුතුවක් ලෙස සිදු කිරීමට යෝජනා කෙරී තිබේ. මෙම ණයකර වසර පහකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරෙන අතර, පසුව එය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කරන බවත් පවසයි.
මෙම නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් බැංකුවෙහි අදියර 2 ප්‍රාග්ධනය ශක්තිමත් කරගැනීමට සහ සිය ණය පොත වර්ධනය කරගැනීමට යොදා ගන්නා බව බැංකුව පවසයි.
මේ වනවිට ෆිච් රේටින්ග්ස් ආයතනය යුනියන් බැංකුව වෙත ඍණාත්මක ඉදිරි දැක්මක් සහිත ජාතික දිගුකාලීන ශ්‍රේණියක් ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd