මෙරට බලපත්‍ර ලාභී වාණිජ බැංකුවක් වන යුනියන් බැංකුව (යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී) පසුගියදා කොළඹ කොටස් හුවමාරුවේ නිකුත් කළ රුපියල් බිලියන 3ක් වටිනා ණයකර නිකුතුව, අද (23) දිනයේදී එහි ලැයිස්තුගත කරන බව එම හුවමාරුව පවසයි. මෙහිදී අදාළ ලැයිස්තුගත රීති අනුව, මෙම ලැයිස්තුගත කෙරෙන කොටස් මිලදී ගැනීම සුදුසුකම්ලත් ආයෝජකයන් සඳහා පමණක් සීමා කෙරෙන බවත් කොළඹ කොටස් හුවමාරුව පවසයි. 

වසර පහකින් කල් පිරෙන ලෙස සඳහන් මෙම ණයකර නිකුතුව, බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිතනොවූ, උපප්‍රධාන, පිරිමුදවා ගත හැකි ලෙස නිකුත් කෙරුණි. එකිනෙකට වෙනස් පොලී අනුපාත යටතේ කාණ්ඩ තුනක් ලෙස නිකුත් කෙරුණු මෙම ණයකර, අදාළ කාණ්ඩ යටතේ මෙලෙස ලැයිස්තුගත කෙරෙන බවත් සඳහන් වෙයි.