
මෙල්ස්ටාකෝර්ප් පීඑල්සීහි මව් සමාගම වන මිල්ෆෝර්ඩ් එක්ස්පෝර්ට්ස් (සිලෝන්) සමාගම සිය කොටස් හිමිකාරීත්වය තවදුරටත් ඉහළ නංවා ගනිමින්, තවත් කොටස් 1,000,000ක් මිලදී ගත් බව පවසයි. මෙහිදී කොටසක් රුපියල් 179ක් බැගින් ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 179ක් (179,000,000ක්) ලෙස සටහන්ව තිබේ.
එම මිලදී ගැනීම සිදුවන අවස්ථාව වන විට මිල්ෆෝර්ඩ් එක්ස්පෝර්ට්ස් (සිලෝන්) සමාගම සතු මෙල්ස්ටාකෝර්ප් කොටස් ප්‍රමාණය 498,819,000 ක් විය. ඒ අනුව මෙම මිලදී ගැනීමත් සමගින්ම එය කොටස් 499,819,000ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මෙල්ස්ටාකෝර්ප් නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 42.80 ක සිට සියයට 42.88ක් දක්වා ඉහළ යාමකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd