අගලවත්ත ප්‍රදේශයේ පිහිටි මලීෂා තේ කර්මාන්තශාලාව “මලීෂා ගෲප්”‍ වෙළෙඳ ලකුණ යටතේ නිෂ්පාදනය කරන ලද FBOPF Sp වර්ගයේ තේ සඳහා කිලෝවකට රු. 6,950.00 ක ඉහළ මිලක් වාර්තා කිරීමට ඉකුත් 11 වැනි දා පැවැති තේ වෙන්දේසියේදී සමත් විය. මෙම තේ තොගය LCBL ආයතනය මගින් අලෙවි කරන ලද අතර Tea Tang (Pvt) Ltd නය විසින් මිලදී ගන්නා ලදී.
මැදපෙරදිග පවතින යුදමය තත්වයත් සමග පවතින අභියෝගාත්මක වෙළඳපොළ තත්වය හමුවේ මෙම මිල වාර්තා කිරීම මලීෂා තේ කර්මාන්තශාලාවේ නිෂ්පාදන ගුණාත්මකභාවය හා නිෂ්පාදන ක්‍රියාවලියේ විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරන ලදී. ISO 22000 -2018 වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, උසස් තත්ව පාලනයක් යටතේ සිදුකරන නිෂ්පාදන ක්‍රියාවලිය සහ කර්මාන්තශාලාවේ කළමනාකාරීත්වය, සේවක මණ්ඩලය සහ තේ දලු‍ සැපයුම්කරුවන් විසින් ලබා දෙන දායකත්වය මෙම ජයග්‍රහණයට මූලිකව හේතු වී ඇත. තේ කර්මාන්තය වර්තමානයේ අභියෝගාත්මක තත්වයක පවතින නමුත්, උසස් තත්වයේ තේ නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලා සඳහා වෙළෙඳපොළේ තවදුරටත් ඉහළ මිලක් සහ ඉල්ලු‍මක් පවතින බවත් තේ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම අවස්ථාවේදී ගුණත්වයෙන් ඉහළ තේ දලු‍ සැපයීම දලු‍ සැපයුම්කරුවන්ගේ වගකීම බවත් මලීෂා සමූහ ව්‍යාපාරයේ සභාපති උපුල් කුඹලාතර මහතා පැවසීය.