JXG  (ජනශක්ති සමූහ ව්‍යාපාරය) කළමනාකාර අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ෂාෆ්ටර්

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) මේ වන විට මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ දැවැන්ත බලවේගයක් බවට පත් වී තිබේ.  ‘Breaking Barriers, Forging Futures’ තේමාව මුල් කරගත් JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය), රක්ෂණ, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ බැංකු නොවන මූල්‍ය සේවා යන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන Janashakthi Life, First Capital සහ Janashakthi Finance යන ප්‍රධාන සමාගම් තුනකින් සමන්විත වේ. 

මෙම සමාගම් තුන මෙරට පුද්ගලයන් සහ ව්‍යාපාර වෙනුවෙන් රක්ෂණ, ආයෝජන සහ මූල්‍ය සේවා රාශියක් හඳුන්වා දී ඇත. එම සේවා මේ වන විට අදාළ ක්ෂේත්‍ර තුළ බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. ඒ නිසාම අදාළ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමේ කාර්ය සාධනයක් වාර්තා කිරීමට මෙම සමාගම්වලට හැකි වී ඇත. 

තම ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සේවා ලබාදීමෙන් නොනැවතී ඔවුන් සමග සමීප හා දීර්ඝකාලීන සම්බන්ධතා ගොඩනංවා ගැනීමට  JXG  (ජනශක්ති සමූහ ව්‍යාපාරය) සමත් වී තිබේ. Janashakthi Life මඟින් ගනුදෙනුකරුවන්ට විශ්වාසනීය ජීවිත රක්ෂණ විසඳුම් හිමි වන අතර, First Capital සමාගම ආයෝජකයන්ට තම ධනය වර්ධනය කරගැනීමට පැහැදිලි මඟපෙන්වීමක් ලබාදෙයි. Janashakthi Finance සමාගම පුද්ගලයන්ටත් ව්‍යාපාරවලටත් ඵලදායී, කඩිනම් සහ කාර්යක්ෂම මූල්‍ය පහසුකම් පිරිනැමීමට කැප වී සිටී. 

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි කළමනාකාර අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ෂාෆ්ටර් මහතා මෙසේ පැවසුවේය. සමූහයේ ශක්තියට ප්‍රධානතම හේතුව වී ඇත්තේ එහි ඒකාබද්ධ ව්‍යුහයයි. එකම ව්‍යුහයක් යටතේ සමාගම් තුනෙහිම සේවාවන් ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලබා දීම සමූහයේ ඉලක්කය වී තිබේ. මේ නිසා රක්ෂණ, ආයෝජන සහ මූල්‍ය සේවා එකම සමූහයෙන් ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලැබී ඇත. 2026 වසරේදී මෙම ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරමින්, තම සේවා ජාත්‍යන්තර තලය වෙතද ව්‍යාප්ත කිරීමට සමූහය බලාපොරොත්තු වෙයි. 

මූල්‍ය සේවා ඔස්සේ ධනය වර්ධනය කිරීම සහ ජීවිත වඩාත් යහපත් කිරීම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි මූලික ව්‍යාපාරික ඉලක්කය වී තිබේ. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි තම සේවා වැඩිදියුණු කිරීමට සහ නව සේවා හඳුන්වා දීමට මෙන්ම කිසිදු භේදයකින් තොරව සියලු‍ම දෙනා වෙත මූල්‍ය සේවා පිරිනැමීමට සමූහය දිගින් දිගටම කටයුතු කරමින් සිටී. එමෙන්ම මෙම අරමුණ සඳහා තවත් සමාගම් හා ආයතන රැසක් සමග අත්වැල් බැඳගැනීමටද සමූහය පියවර ගෙන ඇත. 

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) යනු ගනුදෙනුකරුවන්ට පමණක් අවධානය යොමුකරන සමූහයක් නොවේ. සිය කාර්ය මණ්ඩලයේ දියුණුව වෙනුවෙන්ද සමූහය සහ එහි සමාගම් විශාල වශයෙන් ආයෝජනය කර ඇති අතර, ඒ ඔස්සේ ඉතාමත් යහපත් ආයතනික සංස්කෘතියක් ස්ථාපිත කිරීමට එම සමාගම්වලට හැකි වී ඇත.