වසර 70කට අධික ඉතිහාසයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බිස්කට් සන්නාමයක් වන මැලිබන් බිස්කට් නිෂ්පාදන සමාගම, මෙරටින් බිහි වූ දක්ෂතම මෝටර් රථ ධාවන ශූරයකු වන යෙවාන් ඩේවිඩ්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ශක්තිය ලබාදීමට ඉදිරිපත්ව ඇත. ඔහු ඉදිරිපත්වන 2026 FIA Formula 3 ලෝක ශූරතාවලිය සඳහා පෙර සූදානම් වීමේදී ඔහුට දේශීය ශක්තිය ලබාදීම මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණ වේ. 
18 වැනි වියේ පසුවන යෙවාන් ඩේවිඩ්, මේ වන විට ආසියාවේ වේගයෙන්ම නැගී එන ක්‍රීඩකයකු බවට පත්ව සිටින්නේ යුරෝපයේ අසීරුතම ධාවන පථ ජය ගනිමිනි. FIA Formula 3 ලෝක ශූරතාවලියකට සහභාගී වන පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වන අතර, මෙම හවුල්කාරිත්වයෙන් ගෝලීය මට්ටමින් ශ්‍රී ලංකාවේ නාමය ප්‍රචලිත කිරීමට මැලිබන් සමාගම පෙරමුණ ගෙන ඇත.
යෙවාන්ගේ ක්‍රීඩා ජීවිතය ශ්‍රී ලංකාවෙන් ආරම්භ වී සිංගප්පූරුව හරහා ගෝලීය මට්ටමට ව්‍යාප්ත වූවකි. 2024 වසරේදී ඔහු UAE F4, Spanish F4 සහ Eurocup-3 තරගාවලිවල දස්කම් පෑ අතර, 2025 වසරේදී Euroformula Open Rookie ශූරතාව දිනා ගනිමින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් යෙවාන් ඩේවිඩ් මෙසේ පැවසීය.
‘‘මැලිබන් වැනි දේශීය සන්නාමයක් සමග අත්වැල් බැඳගැනීම මට ලොකු ගෞරවයක්. ඔවුන් පරම්පරා ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට සහයෝගය ලබා දී තිබෙනවා. මම මගේ රටේ ධජය ලෝකය හමුවේ ඔසවාගෙන යන අවස්ථාවක මෙවැනි ශක්තිමත් දේශීය සන්නාමයක් මා සමඟ සිටීම සුවිශේෂීයි.”‍
මැලිබන් සමූහයේ ආයතනික සන්නිවේදන අංශ ප්‍රධානී පෝසිත පෙරේරා මහතා මෙසේ පැවසීය.
‘‘යෙවාන්ගේ මෙම ගමන තුළින් පිළිබිඹු වන්නේ මැලිබන් ආයතනය ලෙස අප සැමවිටම අගය කරන කැපවීම, විනය සහ විශ්වාසයයි.