• පෙර වසරට සාපේක්ෂව සියයට 24.5 ක වර්ධනයක්
  • අප්‍රේල් මාසයේදී ප්‍රේෂණ ලැබීම් වටිනාකම රුපියල් මිලියන 767.9ක්

විදෙස්ගත ශ්‍රමිකයන් හරහා මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ මුල් මාස හතරක කාලයේදී ලැබුණු සමස්ත විදේශ මුදල් ප්‍රේෂණවල වටිනාකම රුපියල් මිලියන 3,062.8 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 වසරේ මුල් මාස හතරේදී හිමි වූ රුපියල් බිලියන 2,460.5 හා සැසඳීමේදී සියයට 24.5 ක වර්ධනයකි.

මෙහිදී 2026 අප්‍රේල් මාසයේදී ලැබුණු විදේශ මුදල් ප්‍රේෂණ ප්‍රමාණය රුපියල් මිලියන 767.9 ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2025 වසරේ අප්‍රේල් මාසයේදී හිමි වූ රුපියල් මිලියන 646.1 හා සැසඳීමේදී සියයට 18.8ක වර්ධනයකි. 

විශේෂයෙන්ම පෙබරවාරි අවසන් දින කිහිපයේදී මැදපෙරදිග හටගත් යුද ගැටුම් තත්ත්වයත් සමගින් මෙලෙස අප්‍රේල් මාසයේදී ප්‍රේෂණ මුදල් ගලා ඒමේ වර්ධනයක් පෙන්නුම් කිරීම කැපී පෙනෙන අවස්ථාවක් ලෙස සටහන්ව තිබේ. 

කෙසේ වෙතත් මෙම ප්‍රේෂණ මුදල් අතර නොවැම්බර් මාසය අගදී ඇති වූ දිට්වා සුළි කුණාටුව වෙනුවෙන් හිමිවන ජාත්‍යන්තර මුදල් ආධාරද පවතින බව මහ බැංකුව සඳහන් කර සිටියි.