- විවිධ ආදායම් මට්ටම් සහිත පුද්ගලයන්ට මිලදී ගත හැකි නිවාස පැවතීම වැදගත්
- රජය, නගරසභා, පෞද්ගලික අංශය එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකි බව පෙන්වා දෙයි
භානුක අමරසිංහ
අද වනවිට රට තුළ ඉදිකරන බොහෝ මහල් නිවාස ව්‍යාපෘති අධික මිල ගණන් යටතේ අලෙවි වන බවත්, පහසු නොවන බැංකු ණය පහසුකම් හරහාද වත්මන් තරුණ පරම්පරාව වෙත ඒවා මිලදී ගැනීම පවා අසීරු වී තිබීම හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබෙන බවත් මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි.
ඒ අනුව ඊට හොඳම විසඳුම වන්නේ රජයේ මැදිහත්වීමක් හරහා ඉදිරිපත් කරන අඩු මිල නිවාස වැඩසටහන් සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීම බවත්, ඒ හරහා විශේෂයෙන්ම රට තුළ නිවාස බුබුලක් නිර්මාණය වීම වැළැක්විය හැකිවනු ඇති බවත් මහාචාර්ය අබේරත්න මහතා පෙන්වා දෙයි.
පසුගියදා කොළඹදී පැවැත්වුණු ‘ලංකා ප්‍රොපර්ටි වෙබ්’ වැඩසටහනේදී අදහස් දැක්වීමක් කරමින් ඒ මහතා මෙම කරුණු සඳහන් කළේය.
“රටක් සංවර්ධනය වෙනකොට ඉදිකිරීම් ක්ෂේත්‍රය, නිවාස ක්ෂේත්‍රය වඩාත් මිල අධික වීම සාමාන්‍ය දෙයක්. ඒ හරහා තමයි නිවාස බුබුලක් කියන සංකල්පය ඇතිව තිබෙන්නේ. හැබැයි එය කළමනාකරණය කරන්න හොඳ ප්‍රතිපත්ති අවශ්‍යයි. ශ්‍රී ලංකාව වුණත් පසුගිය කාලසීමාවේදී එවැනි වේගවත් වර්ධනයක් පෙන්නුම් නොකළත්, ඉදිරියේදී මතුවන අවස්ථා සමගින් යම් දියුණුවක් අත්කර ගනීවි. එතැනදී තමයි මේ නිවාස බුබුල කියන දේ ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා වඩාත් මිල අඩු, පහසුවෙන් මිලදී ගත හැකි නිවාස වැඩසටහන් රජය සහ අනෙකුත් අංශ හරහා ඉදිරිපත් වීම වැදගත්.
එතැනදී බදු ගෙවන්නන්ගේ මුදල් ඊට යොදාගත යුතු නැහැ. පෞද්ගලික අංශයටත් ඒ සඳහා දායක විය හැකියි. නගරසභා වෙත ඊට මැදිහත් විය හැකියි.”
විශේෂයෙන්ම වෙනත් රටවලදී නම් විවිධ මට්ටමේ මිල ගණන් යටතේ වන මහල් නිවාස මිලදී ගැනීමට පවතින නමුත් ශ්‍රී ලංකාව තුළ එවැනි විවිධත්වයක් නොමැති බවත් මහාචාර්යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
“ලංකාවේ නිවාස වෙළෙඳපොළේ පවතින ඉල්ලුම අනුව සැපයුමක් තිබෙනවා. එහෙත් එතැනදී නාගරිකව ජීවත්වෙන ඉහළ මැද පන්තිය සහ පහළ මැද පන්තිය අමතක කරලා. මේ නිසා ඇතිව තිබෙන ගැටලුවක් තමයි අලුත විවාහ වුණු යුවලකට කොළඹින් නිවසක් මිලදී ගැනීමට නොහැකි වීම. එතැනදී පහසු නොවන බැංකු ණයත් බලපානවා. ඒ වගේම එය කොළඹට පමණක් සීමාවෙලා නැහැ. ලංකාවේ දියුණු නගර සියල්ලගේම තත්වය එයයි. වෙනත් රටවල එහෙම නැහැ. ඒ රටවල එකිනෙකට වෙනස් ආදායම් පන්ති තියෙන පුද්ගලයන්ට මිලදී ගත හැකි මාදිලියේ නිවාස වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඒත් ලංකාවේ අපි දකින්නේ එකම මාදිලියේ නිවාස වැඩසටහනක් විතරයි.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd