නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 10, මරදානේ පිහිටි අක්කර 01 යි රූඩි 01 යි පර්චස් 12.4 ක ඉඩම් කොටසක් තොරතුරු තාක්ෂණය ආශ්‍රිත නව නිපැයුම් පදනම් කරගත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වන ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් මේ සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය සතු සංවර්ධන කටයුතු සඳහා යොදාගෙන නොමැති ඉඩම් වඩාත් සුදුසු සංවර්ධන කටයුතු සඳහා නිර්දේශ කිරීම මෙහි අරමුණ වී තිබේ.
ඒ අනුව මෙම ඉඩම් කොටස ශ්‍රී ලාංකීය තාක්ෂණ විද්‍යාඥයන් හට දේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගත් බුද්ධිමය තාක්ෂණික නිමැවුම් හා සේවා නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයන් වෙතින් ආයෝජන යෝජනා කැඳවීමට මෙලෙස අනුමැතිය ලබා දී තිබේ.