
- යුද්ධය නිසා ඉන්ධන සහ අමුද්‍රව්‍ය හිඟය, ඉහළ යන පිරිවැය සහ සැපයුම් සීමාවන් ඊට හේතුවයි
පෙබරවාරි මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද මාර්තු මාසයේදීද මෙරට තුළ ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි මහ බැංකුව පවසයි.
ඒ අනුව ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මාර්තු මාසයේදී දර්ශකාංක 57.1ක අගයක් වාර්තා කර තිබේ. පෙබරවාරි මාසයේදී එය 70.3 ක අගයක් ගෙන තිබුණි.
විශේෂයෙන්ම මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්වය හමුවේ ඇති වූ ඉන්ධන සහ අමුද්‍රව්‍ය හිඟය, ඉහළ යන පිරිවැය සහ සැපයුම් සීමාවන් හේතුවෙන් පැන නැගී ඇති අභියෝගාත්මක වාතාවරණය මේ සඳහා හේතුව බව වාර්තා වී ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.
මෙහිදී පෙබරවාරි මාසයට සාපේක්ෂව නව අණවුම් දර්ශකාංක 70.3 ක සිට 67.2 ක් දක්වා අඩු වේගයකින් ඉහළ යෑමක්, සේවා නියුක්තිය දර්ශකාංක 56.8 ක සිට 57.1ක් දක්වා වැඩි වේගයකින් ඉහළ යෑමක්, තොග මිලදී ගැනුම් දර්ශකාංක 55.4 ක සිට 55.7ක් දක්වා වැඩි වේගයකින් ඉහළ යෑමක් වාර්තා කර තිබේ. මේ අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය දර්ශකාංක 56.9 ක සිට 71.4 ක් දක්වා වැඩි වේගයකින් ඉහළ ගොස් තිබේ.
“ඉදිකිරීම් ව්‍යාපෘති තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂාවෙන් ඉදිරි කාර්තුව සඳහා අපේක්ෂා කඩඉම් මට්ටමට වඩා ඉහළින් පැවතුනද, මැදපෙරදිග පවතින ගැටුම්කාරී වාතාවරණයෙන් ඇති වන අවිනිශ්චිතතා හේතුවෙන් එහි යම් අඩුවීමක් දක්නට ලැබුණි.“ යනුවෙන්ද මහ බැංකුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd