ශ්‍රී ලංකාවේ නිවාස ණය වෙළෙඳපොළ ප්‍රමුඛයා මෙන්ම නිවාස හිමිකාරීත්වය පිළිබඳ ගනුදෙනුකරුවන්ගේ අභිලාෂ මනාව තේරුම් ගන්නා බැංකුවක් ලෙස තම භූමිකාව අඛණ්ඩව ඉදිරියට ගෙනයමින්, කොමර්ෂල් බැංකුව ඕවර්සීස් රියල්ටි (සිලෝන්) පීඑල්සී සමාගම සම අවබෝධතා ගිවිසුමක් ^MoU& අත්සන් කර ඇත.
මෙම ගිවිසුම හරහා සමාගමේ නවතම සංවර්ධන ව්‍යාපෘතිය වන මිරේකා සීස්කේප් මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඒකක ගැනුම්කරුවන්ට ඔවුන් සඳහා ම විශේෂයෙන් සකස් කළ නිවාස ණය පහසුකම් සපයනු ලැබේ.
මෙම හවුල්කාරීත්වය හරහා, විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි වන ලෙස සකස් කළ ත්‍රෛපාර්ශවික ගිවිසුම් යටතේ, කොමර්ෂල් බැංකුව මගින් ඕවර්සීස් රියල්ටි සමාගම විසින් ඉදි කරන ලද නිවාසවල ගැනුම් මිලෙන් සියයට 100ක් දක්වා ආවරණය වන පරිදි ණය පහසුකම් ලබා දෙනු ඇත.
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය හා හැව්ලොක් සිටි වැනි සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘති නිම කිරීමේ කීර්තිය උසුලන ඕවර්සීස් රියල්ටි සමාගමෙන් හඳුන්වා දෙන දොඩන්දූවේ පිහිටි නවතම වෙරළබඩ නේවාසික ව්‍යාපෘතිය, මිරේකා සීස්කේප් ලෙස හැඳින්වේ. මෙම ව්‍යාපෘතිය සුඛෝපභෝගී නිවාස ඒකක 168 කින් සමන්විත වේ. අතිනවීන සැලසුම්කරණය සහ උසස් තත්වයේ පහසුකම් සහිතව ඉදිවන මිරේකා සීස්කේප් ව්‍යාපෘතිය මගින් නවීන පන්නයේ වෙරළබඩ ජීවන රටාවට නව අරුතක් ලබා දෙනු ඇත.
කොමර්ෂල් බැංකුව විසින් තරඟකාරී අනුපාත සහ නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රම සමගින් පුළුල් පරාසයක මූල්‍ය විකල්ප ලබා දෙන අතර ඕවර්සීස් රියල්ටි වැනි කීර්තිමත් සමාගම් සමග බැංකුව පවත්වන අඛණ්ඩ සහයෝගීතාව හරහා පිළිබිඹු වන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ නිවාස සිහින සැබෑ කරගැනීමට සහය දීම වෙනුවෙන් බැංකුවේ ක්‍රියාශීලී කැපවීමයි.
COMMENTS