IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


මේ වසරේදී රුපියල සියයට 3.4 කින් අවප්‍රමාණය වෙලා

(හර්ෂණ තුෂාර සිල්වා)
 
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මැයි 15 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 3.4කින් අවප්‍රමාණය වී ඇත.
 
එම කාලයේදී ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 3.9කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 2.2කින් ද ජපානයේ යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 4.6කින් ද ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.
 
මාස එකහාමාරකට පසු ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලට ගෙවන අගය පසුගිය සිකුරාදා (15) 190න් මෙපිටට පැමිණියේ ය. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව සිකුරාදා (15) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 184.89ක් ලෙසත් විකුණුම් මිල 189.99ක් ලෙසත් දැක්විණි.
 
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉකුත් අප්‍රේල් 8 වැනිදා 200 සීමාව ද ඉක්මවා ගියේ ය. ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ලොවපුරා මුදල් ඒකක රැසක් අවප්‍රමාණය විය. මෙලෙස ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 190 සීමාවෙන් මෙපිටට පැමිණියේ මාර්තු 20 වැනිදායින් පසුව ය.
 
මේ අතර මාර්තු මස 31 වැනිදා වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක් වූ මෙරට නිල සංචිත ප්‍රමාණය අප්‍රේල් 30 වැනිදා වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.1ක් දක්වා අඩු වී ඇත. මේ වසරේ පෙබරවාරි මාසය අවසානයේදී මෙරට දළ නිල සංචිත ය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.9ක් විය.



අදහස් (4)

මේ වසරේදී රුපියල සියයට 3.4 කින් අවප්‍රමාණය වෙලා

Buddhika P Sunday, 17 May 2020 03:11 PM

අද සියළු සාම්ප්‍රදායික ආර්ථික හා සමාජ විද්‍යාත්මක න්‍යායන්, කොරෝනා විසින් බිඳ දමමින් තිබෙනවා. මේ විනිමය අවප්‍රමාණ වීම, අප උපාය මාර්ගික පිවිසුමක් කරගත යුතුයි. රටේ ජාතික ආදායමේ සංයුතිය පිලිබඳ විශාල ගැටළුවක් පසුගිය අවු 30 - 40 ඇතුලේ අපිට තියෙනවා. රටින් පිට ඇතිවෙලා තියෙන දියුණුව ලංකාව තුලට ගෙන ඒමේ ප්‍රධාන දොරටුව තමයි අපනයන. මොකද එළියේ ප්‍රමිතිය, අපේ නිෂ්පාදන තුල අනිවාර්යෙන් තියා ගන්න වෙනවා. මුලින් 35% පමණ වූ අපනයන තනි ඉල්ලකමක් වීමේ අවදානමේ අපි ඉන්නේ. සේවා ආර්ථිකය වේගයෙන් වැඩිවෙමින් තිබෙනවා. නමුත් මුදලට වැඩි වටිනාකමක් දෙන නිෂ්පාදන වලට ඉල්ලුම වැඩි වෙමින් තියෙනවා. සේවා ආර්ථිකයක් කියන්නේ සිහින ආර්ථිකයක්, තුන්වන ලෝකේ රටවලට. හීනෙන් බිමට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි. හරිහමන් අපනයන පදනමක් අපි හදා ගත්තොත් ඒ මත සෘජු ආයෝජන එනවා. ආසියාව තමයි අද ලෝකේ ලොකුම ආර්ථිකේ වෙලා තියෙන්නේ, ද.දේ.නි වටිනාකම අනුව. අද දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණු වෙන ආර්ථිකේ හිමි වෙන්නේ බංගලි දේශේට. මෙහෙම ගියොත් වැඩිකල් නොගොස් අපිට බංගලිදේශේ / වියට්නාමේ පස්සේ යන්න වෙනවා.

:       14       76

PrasannaMonday, 18 May 2020 08:58 PM

බුද්ධික මහතා ඔබ ලියන්න ජනපතිතුමාට... නැත්නම් ලිපියක් ලියන්න මෙහි න්‍යායාත්මක බව ගැන. ඔබ යමක් දන්නා කෙනෙකු බව පේනවා. ඇත්තටම ඔබ කවුද?

:       0       46

Buddhika PTuesday, 19 May 2020 08:21 PM

සෑම න්‍යායක්ම තිබිය යුත්තේ මැක්‍රෝ (සාර්ව) මට්ටමේ. ඊට පහළින් තියෙන්න ඕන ප්‍රායෝගික සැලසුම්. ජපානේ ඇමෙරිකාවේ තිබුණු ඩොලර් 500 වීඩියෝ ඩෙක් එක ගෙනත්, ඊට හොඳට හදලා ඩොලර් 50ට දුන්නා. අපේ සීයල උනත් ජපානේ / ජර්මනිය වගේ රටවල් ගැන කියන්නේ "අපෝ ජපන් / ජර්මන් නං අහන්න දෙයක් නෑ, සුපිරියටම ඇති". මේ පිළිගැනීම කොහෙන්ද හදවතට ගියේ? බොහෝ කලකට පෙර, මම ඕමාන් වල කැම්පස් ඇදුරෙක් ගන්න ඉන්ටව් එකකට ගියා. පස්සේ හොටෙල් එකට ආපු, එක රජයේ නිලධාරියෙක් ඇහුවා. අපි නැනීලා ගේන්නේ ඔබේ රටෙන් නේද කියලා. ලැජ්ජාවේ පණ ගියා. ලංකාව 90% කිට්ටු කරලා තියෙන, අපි බියේ වෙවුලන, ණය/ද.දේ.නි. අනුපාතය ජපානේ 240% කිට්ටු කරලා. ආර්ථික චක්‍රය නිවැරදි මාවතේ, වේගයෙන් කැරකෙන කොට ආර්ථිකයට අගයන් එකතුවීමේ වේගය වැඩි වෙනවා. අද ජපානේ ලෝකේ 4 ආර්ථිකේ වෙලා. අපි නිදහස ලබන කොට අලුදුවිලි වෙලා තිබුණු රටක්. ජනගහනේ ගත්තත්, රටේ ප්‍රමාණය ගත්තත් අපි වගේ 5 ගුණයයි වැඩි. හැබැයි අපේ ද.දේ.නි. ඒක ජපානේ ද.දේ.නි. එකෙන් 0.03% වත් නෑ. ඒ කියන්නේ අපේ ණය වගේ 100% ගුණයකට වැඩියෙන් ජපානේ ගත්ත ණය වල ඵලදායිතාවය වැඩියි. අපිව උගස් කරලා ගත්තු ණයට ඒ ගොල්ලෝ මොනවද සෙල්ලම් වැඩ කරලා...

:       63       81

Abaran Sunday, 17 May 2020 05:54 PM

අවුලක් නෑ..IOC පෙට්‍රල් මිල වැඩි කරල අන්න.. දැන් සනීපයි... එක රටක් එක් නීතියක්....

:       0       33

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 45 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 33 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 18 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 34 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 15 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 15 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 183 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1315 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 338 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site