2025 වසර හා සැසදීමේදී සියයට 10ක වර්ධනයක්
චාරුමිණි ද සිල්වා
ශ්‍රී ලංකාව 2026 වසරේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 20ක සමස්ත අපනයන ආදායමක් රැස් කරගැනීමේ බලාපොරොත්තුවකින් පසුවන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි. ඒ අනුව මෙය 2025 වසර හා සැසඳීමේදී සියයට සියයට 10ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ශක්තිමත් යථාවත්වීම සහ මැදිකාලීන අපනයන පුළුල්කිරීමේ උපායමාර්ගික සැලැස්ම හරහා මෙම ඉලක්ක සාර්ථක කරගත හැකි වනු ඇතැයි විශ්වාසය බවත් සභාපතිවරයා ඬේලි එෆ්ටී පුවත්පත වෙත අදහස් දක්වමින් පසුගියදා සඳහන් කර සිටියේය.
“2026 වසරේදී වෙළෙඳ භාණ්ඩ අපනයන එක්සත් ජනපද ඩොලර් බිලියන 15.7ක් ඉක්මවනු ඇතැයි අපි පුරෝකතනය කර තිබෙනවා.
ඒ අතරතුරදීම සේවා අපනයන එක්සත් ජනපද ඩොලර් බිලියන 4.3ක මට්ටමකට පත්වේවි. එතැනදී ප්‍රධානතම ක්ෂේත්‍ර තුළ සිදුවන වර්ධනය සහ ගෝලිය ඉල්ලුම් තත්ත්වයේ පවතින දියුණුව ඒ සඳහා හේතු වේවි.” සභාපතිවරයා පවසා සිටියි.
2026 වසර සඳහා වන මෙම පුරෝකතනයද අපනයන සංවර්ධන මණ්ඩලය මගින් ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරීත්වය සහ සිය ආදායම් පදනමේ විවිධාංගීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක වඩාත් පස් අවුරුදු පෙරදැක්මේ ඇතුළත් ඉලක්කයක් බවත් ඒ මහතා පවසයි.
එහිදී මෙම පුරෝකතනයන් සියල්ලම වසර 2030 දී රැස් කරගැනීමට බලාපොරොත්තු වන සමස්ත අපනයන ආදායම් ඉපැයීම් ඩොලර් බිලියන 36 ක ජාතික අවශ්‍යතාව සමගින් ගැළපෙන බවත් විජේසිංහ මහතා පෙන්වා දෙයි. ඊට වෙළෙඳ භාණ්ඩ අපනයනය හරහා ඩොලර් බිලියන 25ක ආදායමක්ද, සේවා අපනයනය හරහා ඩොලර් බිලියන 11ක ආදායමක්ද ඇතුළත් වන බවත් ඔහු සඳහන් කරයි.
මෙහිදී සිය සැලසුම් අතර අගය එකතු කළ අපනයන ඉහළ නංවමින්, වෙළෙඳ පොළ වෙත පිවිසුම් තවදුරටත් දියුණු කරමින් සහ සාම්ප්‍රදායික භාණ්ඩ අපනයනය අතරතුරදීම සේවා මූලික අපනයනයන්හි වර්ධනය තවදුරටත් ශක්තිමත් කිරීමත් පවතින බව සභාපතිවරයා පවසයි.
අපනයනයේ කෙටි කාලීන කාර්ය සාධනය පිළිබඳව අදහස් දක්වමින් විජේසිංහ මහතා, ශ්‍රී ලංකාව දැනටමත් 2025 සඳහා වාර්ෂික අපනයන ඉලක්කය වන ඩොලර් බිලියන 18.2 න් සියයට 87ක් වසරේ ජනවාරි-නොවැම්බර් දක්වා වූ මුල් මාස 11 තුළ ලබාගෙන ඇති බව සඳහන් කළේය.
COMMENTS
මෙම වසරේ වර්ධනය ලෝක බැන්කුවට අනුව 2.9 පුරෝකථනය කොට ඇත. ඩොලරය ඉහළට ට්‍ර්ම්ප් බදු ඉහළට ලෝක වෙළදපල පහළට මේ සැම සාධක සමග මෙවැනි පුරෝකථන වගකීම් විරහිතයි...