කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුව දී බලශක්ති මිල ගණන් සංශෝධනය ගැන වඩාත් ප්‍රබල අවධානයක් නොතිබුණ බව දැක්වේ. මිශ්‍ර ප්‍රතිපත්තියක සිට කොටස් වෙළෙඳාම ගැන අවධානය යොමු කළ බව නිරීක්ෂණය කළ හැකි වූ අතර තවදුරටත් ස්ථාවර වර්ධනයක් කරා පදනම සකස් කරන බවක් සනිටුහන් විය.
පසුගිය වසරේ අවසාන භාගයේ දී දුර්වල වූ බව ආවරණය කරගනිමින් නැවත වරක් සියලු කොටස් මිල දර්ශකට 32,000 සීමාව ඉක්මවන්නට සමත් විය. ගනුදෙනු ප්‍රමාණය හා පිරිවැටුම ආයෝජන අංශ තුළ විශ්වාසය තහවුරු කරන්නට සමත් වූ බවට සාක්ෂියකි. කෙසේ වෙතත් පසුගිය වසරේ නොවැම්බර් 12 වැනි දා සියලු කොටස් මිල 23,711 ක් වශයෙන් අවසන් කරන ලද වාර්තාව සම කිරීමට ඒකක 419 ක් ඉදිරියට යා යුතුය.
2025 නොවැම්බර් මැද භාගයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,000 ට පහත අගයකට වැටෙන්නට පටන් ගත් අතර එතැන් සිට නොකඩවා විකිණීම් බහුල විය. විශේෂයෙන් විදේශික ආයෝජන අංශ සිය ධනය ඉවත් කරගැනීම කැපී පෙනිණ. එහෙත් මෙම වසරේ ගනුදෙනු දින කිහිපය තුළ විදේශ ආයෝජන අංශ යුහුසුළු වූ අතර මිල දි ගැනීමට තීරණය කිරීම වාසි දායක ස්වභාවයක් සේ සනිටුහන් විය. රජයේ ආදායම් තත්වය ඉහළ යන අතර සංචාරක අංශයේ ආදායම ද විදේශ අංශ නිරීක්ෂණය කර ඇති සේ සැලකේ. ඇති වූ ආපදා තත්ව මග හැරගැනීමට ශ්‍රී ලංකාව සමත්වනු ඇති බවට ආයෝජන අංශ විශ්වාස කරන බව ද පැහැදිලිය.
අද දිනයේ දී ද කොටස් මිල දී ගැනීමට උන්නදුවක් ඇති විය හැකිය. විදේශීය මිල දී ගැනීමේ තරගකාරීත්වය තියුණු වුවහොත් තවත් වටයකින් වෙළෙඳපොළ පිබිදීමක් අපේක්ෂා කෙරේ.
ඊයේ දිනයේ (ජන 06) ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,292.91 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 278.16 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,363.85 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 131.41 ක වර්ධනයකි. දෛනික පිරිවැටුම රු. බිලියන 6.59 කි. ගනුදෙනු 42,361 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 154.74 ක් විය. සමාගම් 162 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 102 කි. මිල දී ගැනීමේ උනන්දුව සියයට 64.73 ක් වැනි අගයක විය.
නිරීක්ෂක
COMMENTS