
බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, ජනතා ආදරය දිනූ සිය Royal අවුරුදු තේමාව, මේ වසරේත් ඉදිරියට ගෙන යමින්, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවේ සිය සංචාරක හෝටල් සහ නිකේතනවලදී සම්ප්‍රදායානුකූලව, සංස්කෘතිය රැකගනිමින් එකමුතුකමින් පිරුණු රාජකීය අත්දැකීමක් ලෙස සමරන්නැයි ඔබට ආරාධනා කරයි.
දකුණු වෙරළ තීරයේ, ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කරන ලද තාල බෙන්තොට, තරු පහේ සංචාරක නිකේතනය ඊඩ්න් බේරුවල, සහ දික්වැල්ල රිසෝට් ඇන්ඩ් ස්පා, සාම්ප්‍රදායික ක්‍රීඩා, සංස්කෘතික සංදර්ශන, ඉර බස්නා යාමයේ විනෝදාස්වාද සහ උත්සව සමයේ සාරවත් රස ආහාර සමගින් Royal අවුරුදු සිරියෙන් පිරී ඉතිරී යනු ඇත. බටහිර වෙරළේදී, ශ්‍රී ලංකාවේ වඩාත් ආදරණීය පවුලේ සංචාරක නිකේතනය, මීගමුවේ ක්ලබ් ඩොල්ෆින්හීදි Royal අවුරුදු චාරිත්‍ර සහ ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් සියලු වයස් කාණ්ඩ සඳහා සැලසුම් කර ඇති අතර, සුප්‍රකට රංගන ශිල්ප කණ්ඩායමක් මගින් මුළු පවුලටම උද්යෝගයෙන් පිරුණු සතුටක් සහතික කරයි.
සංස්කෘතියක ත්‍රිකෝණයේ පිහිටි හොටෙල් සීගිරිය සහ දඹුල්ලේ ද පැරඩයිස්හිදී ශ්‍රී ලංකාවේ සාරවත් උරුමය ගැඹුරින් මුල් බැසගත් Royal අවුරුදු අත්දැකීමක් ලෙසින් සැමරීමට සියල්ල සූදානම් කර තිබේ. ගැමි සුවඳින් පිරුණු සැබෑ අව්‍යාජ ගම්මාන සංචාර, වනජීවී නැරඹුම් හා සංස්කෘතිය උරුම ගවේෂණ ඇතුළත් විශේෂ එක් දින ක්‍රියාකාරකම් උත්සව සතිය පුරා සංවිධානය කෙරේ. මෙම බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, හෝටල් සහ නිකේතනවලදී සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ සැබෑ ආශ්වාදය ඔබට සමීප කරවනු ඇත.
විවේකය සහ පුනර්ජීවනය අපේක්ෂා කරන අයට සීගිරිය ආයුගිරි ආයුර්වේද සුවතා නිකේතනයෙන් සංසුන් - ප්‍රසන්න ස්වාභාවික පරිසරයක සියල්ල ඇතුළත් සුවතා අත්දැකීමක් ලෙසින්, අවුරුදු සම්ප්‍රදාය සමග මුසු වූ අද්විතීය වැඩසටහනක් ඉදිරිපත් කරයි. එමෙන්ම මීදුමෙන් පිරුණු කඳු අතරේ සාරවත් තේවතුයායන්ට මැදිවූ අලුතින් හඳුන්වා දුන් නිව්බර්ග් ඇල්ල තේ කම්හල් නිකේතනය කඳුකරයේ විශේෂ නිවාඩුවක් ඔබට පිරිනමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd