ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම සහ බජාජ් නිෂ්පාදන මෙරට එකම බෙදාහරින්නා වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් මිලදී ගත් පාරිභෝගිකයන් අතර ක්‍රියාත්මක කළ බජාජ් ජෙනුයින් සුපිරි වාරේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරුණි.
මෙම මහා තෑගි තරගයේ අවසන් මහා දිනුම් ඇදීමෙන් පළමු ත්‍යාගය ලෙස බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථයක් පිරිනැමුණු අතර, එය මොරටුව කටුකුරුන්දේ පදිංචි ලක්මාල් ප්‍රසන්ත ප්‍රනාන්දු මහතා විසින් දිනාගන්නා ලදී. දෙවැනි ජයග්‍රාහකයා ලෙස බ්‍රෑන්ඩ් නිව් බජාජ් පල්සර් N160 Premium මෝටර් සයිකලය ඇල්පිටිය කැටන්දොල පදිංචි ආර්.කේ. අජිත් කුමාර මහතා විසින් දිනාගන්න ලදී.
තවද රුපියල් 50,000 මුදල් ත්‍යාග තවත් ජයග්‍රාහකයන් 05 දෙනකුට පිරිනැමුණු අතර, තවත් ජයග්‍රාහකයන් 10 දෙනකුට රුපියල් 25,000ක් වටිනා ටයර් වචුචර් පත් පිරිනැමුණි.
අවසන් වශයෙන් තවත් ජයග්‍රාහකයන් 15 දෙනකුට පර්ල් බේ ෆැමිලි පැකේජ 15ක් පිරිනැමුණු අතර, මීට අමතරව බජාජ් ජෙනුයින් සුපිරි වාරේ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන සති 09ක කාලය පුරා සතිපතාද දිනුම් ඇදීමක් පවත්වා සෑම සතියකම ජයග්‍රාහකයන් 25 දෙනකු තෝරාගෙන සෑම ජයග්‍රාහකයකුටම රුපියල් 10,000ක් වටිනා ජෙනුයින් පාර්ට්ස් වවුචර්පත් පිරිනමන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd