ණය සදහා වන පොළි අනුපාතික පහත හෙළන්නැයි ශී‍්‍ර ලංකා මහ බැංකුව දිවයිනේ කි‍්‍රයාත්මක අනෙක් බැංකු වලට උපදෙස් නිකුත් කිරීමට සැරසේ.
මහ බැංකුවේ අදහස වී ඇත්තේ තැන්පතු වලට ලබාදුන් පොළි අනුපාතිකයන් මේ වන විට පහත හෙළා ඇති හෙයින් ඒ හා අනුරූපව ණය වලට අය කෙරෙන මුදල් ප‍්‍රමාණය තීරණය කෙරෙන පොළී අනුපාතිකයන්ද පහත හෙළිය යුතුව ඇති බවයි.
නමුත් තවමත් මෙවැන්නක් සිදුවී නොමැති නිසා ව්‍යවසායකයින් ණය මුදල් සපයා ගැනීමට මූල්‍ය ආධාර එකතු කර ගැනීමේ ව්‍යාපාර,විදේශයන්හි සිට ලබා ගැනෙන මුදල් ආධාර වැනි රටේ ආර්ථිකයට සවියක් නොවන කි‍්‍රයාකාරකම් වලට යොමුවී ඇතැයි මහ බැංකුව කියයි.
මෙනිසා ව්‍යවසායකයින් වෙනුවෙන් අඩු පොළී ණය ලබා දීමේ වැඩපිළිවෙලක් ඇතිකළ යුතුව ඇතැයි මහ බැංකුව පවසයි.
පෙර මෙය අවදානම් යැයි සැළකිය හැකි වුවත් දැන් රටේ පවතින වාතාවරණය හමුවේ එවැනි අවදානමක් නොමැති බවත් මහ බැංකුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වානිජ බැංකුවල ණය පොලී අනුපාත අඩු කල විට ඉබේටම තැන්පතු පොලී අනුපාතය අඩු කල යුතු වෙනවා මොකද බැංකුවල ණය පොලී අනුපාත හා තැන්පතු පොලී අනුපාතය අතරත් පවත්වා ගත යුතු අනුපාතයක් තියනවා මොකද බැංකු පාඩුවට දුවන්න බැහැනේ (නදී)
තැන්පතු පොලිය අඩු කිරීමෙන් වැදුනේ පොඩි මිනිස්සුන්ටයි. ණය පොලිය අඩු කිරීමේ වාසිය ලැබෙන්නේ ව්‍යාපාරිකයින්ටයි.මීට වඩා හොඳ නැද්ද? තැන්පතු පොලියත් වැඩි කරලා, ණය පොලියත් වැඩි කලානම්.විශේෂයෙන් රජයේ විශ්‍රාමික අපි වගේ අයගේ විශ්‍රාම වැටුපත් අඩුයි. ස්ථිර තැන්පතු පොලිය තමයි පිහිටට තිබුනේ. දැන් ඒකටත් හෙනහුරා පාත් වෙලා. ගිය අවුරුද්දේ 13% ක් ගෙවපු පොලිය මේ අවුරුද්දේ 7.5% ට අඩු කරලා. (ස)
ඒ අදහස නම් හොඳයි (නි)
පොලිය අඩු හෝ වැඩි කරන එක තීරණය කිරීම ඒ අයට භාරයි (නි)
තැන්පත්කරුවන්ගෙන් අසාධාරන ලාබයක් ලබන්නත් හොඳ නැහැ. අවුරුද්දේ අන්තිමට කියනවා මෙපමණ ලාබ ලැබුවා කියලා. (නි)
ණය පොලිය කොහොම වෙතත් තැන්පත්කරුවන්ට දෙන පොලිය වැඩි කරන්න. (නි)
මම ගත්තු නයකට පොලිය 17% ගෙවනවා. හරිම අසාදාරණයි. වහාම දැනට ගත් නයවලත් පොලිය අඩු කරන්ඩ. (අ)
ණයපත් පොලියත් අඩු කල යුතුයි (අ)
තැන්පතු පොලී අනුපාත අඩුකිරීම නිසා ජනතාව තැන්පතු සදහා පෙලඹෙන්නේ නැහැ. වයසට ගිය අයට තම තැන්පතු මගින් ලැබෙන ආදායම මේ නිසා අඩු වෙනවා. ඒ ගැනත් හිතුවොත් හොඳයි. (ස)
ලුම්බිණි කියන දේම තමා මටත් කියන්න තියෙන්නේ (නදී)
බැංකුවකින් ණයක් ගන්න බයයි දැන් (දී)
ව්‍යාපාරිකයො ටික ණය වෙලා කඩා වැටුනට පස්සෙ නැවත ණය දීලා කරන්නෙ පරන නය එකතු කරන්න අලුතින් ණය දෙනවට වඩා මුලින්ම අඩු පොලියට නය දුන්නා නම් ඉවරයි නෙ.(නදී)
සරත් මහතාගේ අදහස හරියටම හරි. (නදී)
ණය වලට නම් පොලි අනුපාතය අඩු කළ යුතුයි (අ)
එක හොඳයි එතකොට දුප්පත් මිනිසුන්ටත් වැඩක් කරගත හැකිනේ .නැත්නම් ලැබෙන මාසික වේතනය වරිකයගේවන්නත් මදිනේ. (අ)
රටේ ආයෝජන වැඩ් වීමට නම් තැන්පතු පොලී අනුපාතය නොව වානිජ බැංකුවල ණය පොලී අනුපාත අඩු කල යුතුයි. එවිට ආයෝජන වැඩි වී ආර්ථික වර්ධන වෙිගය වැඩි වෙයි.(නදී)
රුපියල් කොටි 10ට වඩා සල්ලි හෝ ස්ථිර වත්කම් ඇති අය හනික ප්‍රවේසමෙන් ඉන්න. ලඟදි නොයෙකුත් බලපෑම් එල්ල වේවි. (ස)
ලංකාවේ පොලී අපිට ගෙවන්න අපහසු වෙලා තියෙන්නේ දැන් පොලිය අඩු කරනවා නම් ගොඩක් වටිනවා. මමත් ලුම්බිනිගේ අදහසට ගරු කරනවා (නදී)
මීට වඩා නරකද මහා බැංකුව හැම මසකම පොලිසි අනුපාතය ප්‍රසිද්ධ කලාම. එතකොට වෙළඳ බැංකු ඒ අනුව ඒ අයගේ පොලි අනුපාත වෙනස් කර ගනීවි. වෙන රටවල කරන්නේ එහෙම නේද? (ස)
දැන් මේ පොලීසි අඩු කරන්න කියල මේකේ නැහැනේ (නදී)