- මහල් 23කින් යුත් The Elizabeth නිවාස ව්‍යාපෘතියක් සැලසුම් කරයි
භානුක අමරසිංහ
ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම නාගරික සංවර්ධන අධිකාරියත් සමගින් ඇති කරගත් එකඟතාවක් අනුව කොළඹ 07, බෞද්ධාලෝක මාවත අංක 380/1 දරන ස්ථානයේ පිහිටි පර්චස් 158.15 ක ඉඩමක් කල්බදු පදනම මත ලබා ගත් බව පවසයි.
මෙහිදී 99 අවුරුදු බද්දක් සඳහා එම ගිවිසුම් අත්සන් තබා ඇති අතර, ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 3.2ක් ලෙස සටහන්ව තිබේ. මෙම වටිනාකමට වැට්, සමාජ ආරක්ෂණ දායකත්ව බදු සහ අනෙකුත් ගාස්තු ඇතුළත් බවත් ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම පවසයි.
2025 වසරේ නොවැම්බර් 21 වැනිදා කැබිනට් මණ්ඩලය මගින් ලබාදුන් අනුමැතියක් යටතේ අදාළ ඉඩම ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් වෙත ලබාදීමට එකඟතාව පළ කෙරී තිබේ.
මෙම ඉඩම සුප්‍රසිද්ධ Otters Aquatic Club වෙත අයත් රථගාලක් පවත්වාගෙන යන ඉඩමක් වන අතර, එහි හිමිකාරීත්වය නාගරික සංවර්ධන අධිකාරිය සතුව පවතී. ප්‍රයිම් ලෑන්ඞ් රෙසිඩෙන්සීස් පීඑල්සී මගින් මෙම භූමියේ සිදු කරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය මගින් එම පහසුකම් නැවතත් ඒ වෙත හිමි වනු ඇතැයිද සමාගම පවසයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ප්‍රයිම් ලෑන්ඞ්ස් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම, අදාළ ඉඩම තුළ The Elizabeth නමින් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදිකරන බව පවසා සිටියි. මහල් 23 කින් සමන්විතව ඉදිකරන මෙම ගොඩනැගිල්ලේ 4 වැනි සහ 5 වැනි මහල් දෙක තුළ Otters Club පරිශ්‍රය පිහිටුවන බවත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd