
මැදපෙරදිග යුද ගැටුම් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම් වෙත අහිතකර බලපෑම් කිරීමේ අවදානමක්
මෙම වසරේ පෙබරවාරි මාසයේදී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉදිරිපත් කරමින් මහ බැංකුව පවසයි.
මේ අතරින් නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, දර්ශකාංක 56.8 ක් ලෙස සටහන්ව තිබේ. පසුගිය ජනවාරියේදී එය දර්ශකාංක 56.1 ක් ලෙස සටහන්ව තිබුණි.
මෙහිදී සියලුම උප දර්ශක මෙම වර්ධනයට ධනාත්මකව දායක වීම කැපී පෙනෙයි. ඒ අනුව නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක පිළිවෙළින් දර්ශකාංක 55.0ක් සහ 54.5ක් ලෙස අඩු වේගයකින් ඉහළ යෑමක් පෙන්නුම් කර තිබේ.
“මේ අතර උත්සව සමය සඳහා වන පූර්ව සූදානම පිළිබිඹු කරමින්, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් උප දර්ශක පිළිවෙළින් දර්ශකාංක 58.6ක් සහ 60.0ක් ලෙස තවදුරටත් වර්ධනය විය. එසේම මැදපෙරදිග ගැටුම් හේතුවෙන් සැපයුම් සීමාවීමේ අපේක්ෂාව හමුවේ ඇතැම් නිෂ්පාදන ආයතන තොග රැස්කිරීම්ද වාර්තා විය.” මහ බැංකුව පවසයි.
ඒ අනුව සැපයුම් ජාලවලට එල්ල වී ඇති බාධා පෙන්නුම් කරමින් ඇණවුමක් සැපයීමට ගතවන කාලය තවදුරටත් දීර්ඝ වී තිබේ.
එසේම එළැඹෙන උත්සව සමයේ අපේක්ෂිත ඉහළ ඉල්ලුම නිසා ඉදිරි මාස තුන නිෂ්පාදන කටයුතු සඳහා වන අපේක්ෂා ධනාත්මකව පවතින බව මහ බැංකුව පවසයි.
මේ අතර සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයත් පෙබරවාරියේදී දර්ශකාංක 54.4 ක අගයක් වාර්තා කර තිබේ. එහෙත් ජනවාරියේදී එය දර්ශකාංක 64.5 ක් විය.
පෙබරවාරියේදී සේවා අංශයේ නව ව්‍යාපාර උප දර්ශකය, දර්ශකාංක 53.8ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම සේවා නියුක්තියද දර්ශකාංක 55.1ක් ලෙස සටහන්ව තිබේ.
එහිදී නව බඳවා ගැනීම් ඉහළ යාම හේතුව වී ඇත. මීට අමතරව නිම කිරීමට නියමිත කාර්යයන් මාසය තුළදී අඛණ්ඩව වැඩි වේගයකින් පහළ යෑමක් සිදුව තිබේ.
“අපේක්ෂිත ඍතුමය ඉල්ලුම, සැලසුම් කළ ව්‍යාපාර පුළුල් කිරීම් සහ අඛණ්ඩ මෙහෙයුම් වැඩිදියුණු කිරීම් හේතුවෙන් ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා අපේක්ෂා තවදුරටත් වර්ධනය වී තිබේ.” මහ බැංකුව පවසයි.
කෙසේ වෙතත් මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් පැවතුනහොත් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල මෙන්ම සේවා අංශයේ ක්‍රියාකාරකම්වලටද අහිතකර බලපෑම් එල්ල විය හැකි බවද මෙහිදි අවධානය යොමු වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd