දින පහකදී රුපියල් බිලියන 691ක් අහිමි වෙයි


කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් ඊයේ (17) තවදුරටත් පහළ වැටීම සිදු විය. 

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 20,418.09ක් දක්වා ඒකක 521.17 කින් එනම් සියයට 2.49 කින් පහත වැටුණි. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් ඒකක 5,760.99ක් දක්වා ඒකක 123.94ක් එනම් සියයට 2.11ක් දක්වා පහත වැටුණි. 

ඒ අනුව පසුගිය මාර්තු 11 වැනිදා සිට පිට පිට ගනුදෙනු දින පහකදී කොටස් වෙළෙඳපොළ දර්ශක කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ. 

මේ අතර ඊයේ ගනුදෙනු අවසානයේදී වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 7,267ක් ලෙස සටහන් විය. ඒ අනුව මාර්තු 10 වැනිදා වාර්තා වූ රුපියල් බිලියන 7,958 හා සැසඳීමේදී ගත වූ ගනුදෙනු පහ තුළ වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 691ක අහිමිවීමක් ලෙස සටහන්ව තිබේ.