බැංකු නොවන මූල්‍ය සමාගමක් වන නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සඳහා පත් කෙරුණු අද්මිනිස්ත්‍රාසිකරුගේ ධුර කාලය 2026 ජනවාරි 04 වැනිදා සිට 2026 ජූලි 03 වැනිදා දක්වා තවත් මාස හයක කාලයකට දීර්ඝ කරන බව මහ බැංකුව පවසයි. ඒ අනුව අද්මිනිස්ත්‍රාසිකරු ලෙස පත් කෙරුණු ඩබ්.ඩී.එන්.ආර්. රොද්‍රිගෝ මහතාගේ ධුර කාලය මෙලෙස දීර්ඝ කර තිබේ.
අදාළ ආයතනයේ නිරාකරණ ක්‍රියාවලිය බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යෑම සහතික කිරීමට මෙම තීරණය ගෙන තිබේ. මහ බැංකුවට අනුව මෙම නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් සුදුසු නිරාකරණ ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම ඇතුළුව නිරාකරණ ක්‍රියාවලියේ ප්‍රධාන පියවර අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා අද්මිනිස්ත්‍රාසිකරුට තවදුරටත් කාලය අවශ්‍ය බව සඳහන් වෙයි.
මෙම දීර්ඝ කළ කාල සීමාව තුළ නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සීහි වත්කම්, මෙහෙයුම් සහ කටයුතු සම්බන්ධ පූර්ණ පාලනය මෙන්ම ආයතනය වෙනුවෙන් එහි කළමනාකරණ කටයුතුද අඛණ්ඩව මෙම අද්මිනිස්ත්‍රාසිකරු යටතේ පවතිනු ඇතැයි සඳහන් වෙයි.
COMMENTS