සුදත් එස්. කුමාරසිරි කොත්මලේ
කන්ද උඩරට පිහිටි ජනප්‍රියතම තේ නිෂ්පාදනය කිරීමේ හා අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වන රම්බොඩ බිලූ ෆීල්ඩ්ස් ටී ගාඩ්න්ස් ආයතනය වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂක ආශික් නිසාර් මහතාට නුවරඑළිය දිස්ත්‍රික්කයේ හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය පිරිනමා ඇත.
එම සම්මාන ප්‍රධාන උත්සවය National Development Enterprise Authority සහ Matale District Chamber of commerce, Industry and agriculture යන සංවිධාන එක්ව සංවිධානය කර තිබුණි. සම්මානය පිරිනැමීමේදී රම්බොඩ බ්ලූ ෆීල්ඩ්වල ඇති උසස් තත්වය හා ගුණාත්මක භාවය, තිරසාර සංවර්ධනය හා සමාජයීය වශයෙන් ආයතනය කරනු ලබන කරුණු සැලකිල්ලට ගෙන ඇත. එලෙස රම්බොඩ බ්ලූ ෆීල්ඩ් ටී ගාඩ්න්ස් ආයතනය වෙනුවෙන් පිරිනැමූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය හා සහතික අතැතිව කළමනාකාර අධ්‍යක්ෂක ආශික් නිසාර් මහතා ඡායාරූපයකට පෙනී සිටි අයරු මෙහි දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd