නිමල කොඩිතුවක්කු
2026 වර්ෂය සඳහා වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය ශල්‍ය ගෝස් දේශීය නිෂ්පාදකයන්ගෙන් ලබා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
සායනික කටයුතු සහ ශල්‍යකර්ම සඳහා අත්‍යවශ්‍ය පාරිභෝජ්‍ය ද්‍රව්‍යයක් වන ශල්‍ය ගෝස් වාර්ෂික අවශ්‍යතාව දේශීය සුළු පරිමාණ නිෂ්පාදකයන් වෙතින් මිල දී ගත යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර තීරණය කරනු ලැබ ඇත. 2026 වර්ෂය සඳහා වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය මුළු ශල්‍ය ගෝස් ප්‍රමාණය මීටර මිලියන 40 ක් බව ඇස්තමේන්තු කර තිබේ.
ලියාපදිංචි දේශීය නිෂ්පාදකයන් 282 දෙනකුගෙන් එම ශල්‍ය ගෝස් ප්‍රමාණය මිල දී ගැනීම, ශල්‍ය ගෝස් සලාක නිර්ණය කිරීමේ කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත.
ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, ශල්‍ය ගෝස් මීටර මිලියන 40 ක ප්‍රමාණය දේශීය නිෂ්පාදකයන් 282 දෙනකුගෙන් එක් මීටරයක් රුපියල් 60.14ක් බැගින් වන සේ රුපියල් මිලියන 2,405.6 ක මුදලකට මිල දී ගැනීම පිණිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd