Associated Motorways (Private) Limited (AMW) සමාගම විසින් මෑතක දී ඇති වූ දිට්වා සුළි සුළඟින් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර ලබා දෙමින්, ජාතික ආපදා ප්‍රතිචාර ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා අත්‍යවශ්‍ය සහනාධාර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට (DMC) භාර දෙන ලදී.
විපතට පත් වූ පවුල් 1,000ක් වෙනුවෙන් මෙම වැඩසටහන ඔස්සේ ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරයි. ප්‍රතිලාභ ලබන එක් එක් පවුලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, මූලික ඖෂධ සහ එදිනෙදා ජීවිතයට අවශ්‍ය අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු සහන පැකේජයක් ලබා දෙන අතර, එය ආපදාවෙන් සමනය වීමේ කාලය තුළ ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට උපකාරී වේ.
මෙම සහන ද්‍රව්‍ය භාරදීම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (Retd.), ndc, IG මහතාගේ සහභාගීත්වයෙන් සිදු වූ අතර, ඔහු AMW ආයතනය විසින් සිදු කළ කාලෝචිත මැදිහත්වීම අගය කළේය. ආපදා සහන මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා පෞද්ගලික අංශය සමග ඇති සහයෝගීතාවේ වැදගත්කම ද අවධාරණය කළේය.
අලෙවි අධ්‍යක්ෂ ප්‍රසන්න ද සිල්වා, සැලසුම් හා නිෂ්පාදන අංශයේ සාමාන්‍යාධිකාරී සහන් ජයවර්ධන සහ අලෙවි ප්‍රධානී උදාර ගුණසිංහ යන මහත්වරු AMW සමාගම වෙනුවෙන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS