
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හෙළි කරයි
- සුළි කුණාටුවට පෙර සිටම මෙරට බොහෝ පවුල් ආර්ථික පීඩනය හමුවේ ආහාර අනාරක්ෂිතතාවෙන් පෙළීලා
- බෝග වගාව සිය ජීවනෝපාය කරගත් පවුල් 227,323 කට දිට්වා සුළි කුණාටුවේ බලපෑම්
- වී වගාව සිය ජීවනෝපය කරගත් පවුල් 145,230 කට බලපෑම් එල්ල වෙලා
- වගා කළ කුඹුරු හෙක්ටයාර 106,293ක් ගංවතුරෙන් යටවෙලා
- සුළි කුණාටුවෙන් පශු සම්පත් හා ධීවර අංශයට සිදුව ඇති හානිය රුපියල් කෝටි 2140 ක්
විමුක්ති එස් රුද්‍රිගු
දිට්වා සුළි කුණාටුවෙන් මෙරට ලක්ෂ 22 ක ජනතාවගේ ජීවනෝපායට සහ ජීවිතවලට බලපෑම් එල්ල වී තිබෙන බවත් ඉන් ලක්ෂ 11 ක ජනතාවකට ආහාර සුරක්ෂිතතාව ඇතිකර ගැනීමට, කෘෂිකර්මාන්තය නැවත ආරම්භ කිරීමට සහ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට කඩිනමින් සහාය අවශ්‍ය කර තිබෙන බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඊයේ (15) නිකුත් කළ වර්තාවක දැක්වේ.
බෝග වගාව සිය ජීවනෝපාය කරගත් මෙරට පුරා සිටින පවුල් 227,323 කට දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවද එම සංවිධානය ප්‍රකාශ කළේය.
මෙවන් තත්වයක් මත පීඩාවට පත් ජනතාවට සිය ජීවනෝපාය නැවත ආරම්භ කර ගැනීමට, එතෙක් තම කුසගින්න නිවා ගනිමට බොහෝ පිරිසකට සහාය අවශ්‍ය වී තිබෙන බවද එම සංවිධානය පැවැසුවේය. ඒ හේතුවෙන් වසරක කාලයක් සඳහා මෙරට පවුල් 256,012 කට සහාය සැපයීම සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 165 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 512 ක් පමණ) එකතු කර ගැනීමට බලාපොරොත්තු වන බවද එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි කර්ම සංවිධානය ප්‍රකාශ කළේය.
සුළි කුණාටුවට පෙර සිටම මෙරට බොහෝ පවුල් ආර්ථික පීඩනය හමුවේ ආහාර අනාරක්ෂිතතාවෙන් පෙළී ඇතැයි එම සංවිධානය ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ විශාලතම ග්‍රාමීය ජීවනෝපාය අංශය සහ ජාතික ආහාර සුරක්ෂිතතාවේ ප්‍රධාන කුලුනක් වන වී වගාවට සුළි කුණාටුවෙන් එල්ල වූ බලපෑමෙන් වී වගාව සිය ජීවනෝපය කරගත් පවුල් 145,230 කට බලපෑම් එල්ල වී ඇතැයි එම සංවිධානය පැවැසුවේය.
මෙවර මහ කන්නයට වගාකර තිබූ කුඹුරු හෙක්ටයාර 620,136න් කුඹුරු හෙක්ටයාර 106,293ක් ගංවතුර හේතුවෙන් ජලයෙන් යටවී ඇති බවද එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි කර්ම සංවිධානය ප්‍රකාශ කළේය. එසේම හෙක්ටයාර 23,203 ක එළවළු, බඩ ඉරිඟු සහ අනෙකුත් බෝග වගාකළ භූමි ප්‍රමාණයක්ද ගංවතුර හේතුවෙන් ජලයෙන් යටවී එම වගාවලට හානි සිදුව ඇතැයි එම සංවිධානය ප්‍රකාශ කළේය.
බලපෑම් එල්ල වූ ගොවීන්ට නැවත වගා කිරීමට බීජ, පොහොර සහ යන්ත්‍රෝපකරණ ලබා ගැනීමට හැකියාව ඇත්තේ සීමා සහිතව වීම නිසා එය විනාශ වූ වගා භූමි වල නැවත වගා කිරීමට තිබෙන කෙටි කාලසීමාවෙන් ප්‍රයෝජන ගැනීමට තිබෙන බාධාවක් බවද එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි කර්ම සංවිධානය පැවැසුවේය.
ඊට අමතරව පශු සම්පත් හා ධීවර අංශයට සිදුව ඇති හානිය තත්වය තවත් දරුණු කරන බවද එම සංවිධානය ප්‍රකාශ කළේය. ගවයින් සහ මී හරකුන් 37,404 කට වැඩි ගණනක්, එළුවන් සහ බැටළුවන් 15,911ක් සහ කුකුළන් 475,000ක් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මියගොස් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බවද එම සංවිධානය ප්‍රකාශ කළේය.
සුළි කුණාටුවෙන් පශු සම්පත් හා ධීවර අංශයට සිදුව ඇති හානිය රුපියල් කෝටි 2140 ක් පමණ වන බවද එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි කර්ම සංවිධානය පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd