LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමේ සභාපති කිත්සිරි ගුණවර්ධන

LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී උදය කුමාර

LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ පාරිභෝගික විශිෂ්ටත්වයේ නවමු සලකුණු තබමින්, මෑතකදී මුහුණ දීමට සිදුවූ පෙර නොවූ විරූ ආපදා තත්ව හේතුවෙන් තම රක්ෂණ ඔප්පුහිමියන්ට මුහුණ පෑමට සිදුවූ අපහසුතාවලට ප්‍රතිචාර හා උපකාර දැක්වීම සඳහා වන සිය කැපවීම තවදුරටත් පුළුල් කරන ලදී. 

LOLC සමූහය සතු සහජීවනය වඩාත් පිළිබිඹු කරමින් LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම බ්‍රවුන්ස් EV හා එක්ව, පසු ගිය කාලයේ තම පාරිභෝගිකයන්ට මුහුණ දීමට සිදුවූ ස්වාභාවික ව්‍යසනය හේතුවෙන් පූර්ණ ලෙස අලාභ හානියට පත් වූ බ්‍රවුන්ස් EV මෝටර් රථයට ඒ හා සමාන නවතම බ්‍රවුන්ස් EV මෝටර් රථයක් ලබාදීම ආරම්භ කරන ලදී. පාරිභෝගිකයා මූලික කරගත් සංකල්පයට අනුව LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම විසින් මේ හරහා, ජීවන රටාවේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම, මූල්‍ය කඩාවැටීම් අවම කිරීම සහ අභියෝගාත්මක කාලවලදී අවශ්‍ය සහාය සහතික කිරීම සහ මානසික නිදහස ලබා දීම සිදු කරයි. මෙම උත්සාහය, ව්‍යසනයෙන් පසුව බාධාවකින් තොරව රක්ෂණ ඔප්පු හිමියන් සඳහා හිමිකම් ලබාදීම සහ අවශ්‍ය සහාය නිසි ආකාරයෙන් ලබාදීම උදෙසා පෙර සූදානමක් ලෙස රක්ෂණ සමාගම විසින් ගනු ලැබූ පුළුල් ක්‍රියාමාර්ගවලින් එකකි.

මේ සම්බන්ධයෙන් LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමේ සභාපති කිත්සිරි ගුණවර්ධන මහතා මෙසේ පවසා සිටියේය. “LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමෙහි අප ප්‍රතිපත්තිමය වචනවලින් ඔබ්බට ගොස් පොරොන්දු වූ වගකීම් ඉටුකරන අතර, අපගේ ශක්තිමත් මූල්‍ය තත්වය සහ LOLC සමූහයේ ශක්තිමත් සහාය මත පදනම්ව, බ්‍රවුන්ස් EV සමග සහයෝගයෙන් සිදු කරන ලද මෙම මුලපිරීම, පොරොන්දු වූ අයුරින්ම අපගේ යුතුකම් හා වගකීම් ක්‍රියාවට නැංවීම හා අවශ්‍යම මොහොතේ අපගේ වටිනා පාරිභෝගිකයන් සඳහා ඔවුන්ට නියමිත වටිනාකම ලබාදීම වෙනුවෙන් ගත් උත්සාහයකි. මෙම අභියෝගාත්මක අවධියේදී බ්‍රවුන්ස් EV විසින් දැක්වූ සහයෝගීතාවට මාගේ අවංක කෘතඥතාව ඔවුන් වෙත පළ කර සිටිනවා.”

LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී උදය කුමාර මහතා මෙසේ පැවසුවේය. “අපගේ විශ්වාසනීයත්වය සහ සේවා විශිෂ්ටත්වය යන මූලික වටිනාකම් මත පදනම්ව දියත් කරන ලද මෙම උත්සාහය, අපගේ වටිනා පාරිභෝගිකයන් සම්බන්ධයෙන් වන නිවැරදි තීරණ හා කාර්යක්ෂම ක්‍රියාමාර්ග, අවශ්‍ය වේලාවට නියමාකාරයෙන් අප විසින් ගනු ලබන බව පැහැදිලිව පෙන්නුම් කරන අතරම, අප පාරිභෝගිකයන්ගේ රක්ෂණ ගමන පුරාවටම, වගකීමෙන්, කාර්යක්ෂමව සහ ඔවුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට අප සමාගමේ ඇති කැපවීම පිළිබිඹු කරන බවයි.

“මෑතකදී මුහුණ දීමට සිදුවූ විපත් හමුවේ ප්‍රතිචාර දැක්වීම උදෙසා, සමාගම විසින් ව්‍යසනයෙන් පසුව වාර්තා වූ වන්දි හිමිකම් වලින් සැලකිය යුතු හිමිකම් ප්‍රමාණයක් දැනටමත් පියවා ඇති අතර ඉතිරි සියලුම සාමාන්‍ය රක්ෂණ හිමිකම් සැලසීම කඩිනම් කරමින් සිටී. තමා අයදුම් කළ වන්දි හිමිකම් කඩිනමින් හා පහසුවෙන් ලබාගැනිමේ අත්දැකීමක් තම පාරිභෝගිකයන් වෙත ලබාදීමට LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම නිරන්තරයෙන් කැපවන බවට ඔහු තවදුරටත් පවසා සිටියේය.

දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත්‍ර වූ LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම, පූර්ණ සහ අසම සම අවදානම් කළමනාකරණ විසඳුම් ලබාදෙමින් රක්ෂණයේ හොඳම තේරීම බවට පත්වීමේ බලාපොරොත්තුව වෙනුවෙන් තම කටයුතු අඛණ්ඩව සිදුකරමින් සිටී. ගෝලීය වශයෙන් කීර්තිමත් ප්‍රතිරක්ෂණකරුවන්, දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ ඉහළ පළපුරුදු මෙහෙයුම් සහ විකුණුම් වෘත්තිකයන් කණ්ඩායමකින් සමන්විත LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම, තම පාරිභෝගිකයන් සඳහා විශ්වාසනීය ආරක්ෂාවක්, දිගුකාලීන වටිනාකමක් සහ මානසික සුවය ළඟාකරදීම උදෙසා නිරන්තරයෙන් කටයුතු සිදු කරමින් සිටී. මේ හරහා, ඛධඛක්‍ සාමාන්‍ය රක්ෂණ සමාගම, ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක, තිරසාර වර්ධනයක් සහිත සහ පාරිභෝගික කේන්ද්‍රීය රක්ෂණ සමාගමක් ලෙස සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරගනිමින් සිටී.