ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව 


ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කුඩා ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යවසායකයන් ඉලක්ක කරගෙන පවත්වනු ලැබූ ව්‍යාපාර කළමනාකරණ පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය ත්‍රිකුණාමල දිසාපති කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
දිසාපති කාර්යාලීය කුඩා ව්‍යාපාර අංශය විසින් මෙම පාඨමාලාව සංවිධානය කර තිබූ අතර මෙම පාඨමාලාවෙන් කුඩා ව්‍යාපාර ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ දැනුම ඉහළ නැංවීමෙන් ජීවන තත්වය හා ආදායම් තත්වය ඉහළ නැංවීම මෙහි අරමුණ විය.
මෙම සහතික පත්‍ර ප්‍රදානය කිරීමට සමගාමීව ඔවුන්ගේ නිෂ්පාදනවලට වෙළෙඳපොළක් හඳුන්වා දීම සඳහා සහභාගි වූ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක්ද මෙහිදී පැවැත්වුණි. මෙම අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රිකක් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන දිසාපති ඩබ්ලිව්.ජී. මහේෂ්  හේමන්ත කුමාර, කුඩා ව්‍යාපාර අංශයේ සහකාර අධෂ්‍යාක්‍ෂ එන්. ප්‍රලනාවන් යන මහත්වරු සහභාගී වූහ.