කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත HVA Foods PLC සමාගමෙහි ප්‍රධානතම කොටස් හිමිකරුවා වන ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පැනි සමාගම එම කොටස් අතරින් කොටස් 44,000,000ක් වෙළෙඳපොළ වෙත අලෙවි කර ඇතැයි පවසයි.
මෙය සමාගම නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 17.9994 ක ප්‍රතිශතයකි. පසුගිය පෙබරවාරි 16 වැනිදා මෙම අලෙවිය සිදු කර තිබේ. එහිදී කොටසක් රුපියල් 4.30ත් 4.60ත් අතර වටිනාකමකට මෙම අලෙවිය සිදුකර ඇති අතර, අලෙවියේ සම්පූර්ණ වටිනාකම රුපියල් 195,800,000 ක් ලෙස සටහන්ව තිබේ.
HVA Foods PLC සමාගම සුප්‍රසිද්ධ හෙලදිව් තේ සන්නාමය හිමි සමාගමයි. 2025 දෙසැම්බර් 31 වැනිදා වනවිට HVA Foods PLC සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් සියයට 72.39ක් ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පැනි සමාගම වෙත හිමිව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd