- තොග සහ සිල්ලර වෙළෙඳාම, නවාතැන් හා ආහාර පාන සේවා යන අංශවල ඉහළ යෑම සේවා අංශයේ වර්ධනයට හේතු වෙලා
- නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉදිරි මාස තුනේදීත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂාවක්
2026 වසරේ ජනවාරි මාසයේදී මෙරට නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව මහ බැංකුව පවසයි.
ඒ අනුව නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් මනිනු ලබන දර්ශකය ජනවාරියේදී ඒකක 56.1ක අගයක් වාර්තා කර තිබේ. 2025 දෙසැම්බර් මාසයේදී එය ඒකක 60.9 ක් විය.
එසේම සේවා අංශයෙහි ගැනුම් කලමනාකරුවන්ගේ දර්ශකය ජනවාරියේදී ඒකක 64.5 ක් ලෙස සටහන්ව තිබේ. දෙසැම්බරයේදී එය ඒකක 67.9 ක් විය.
මේ අතරින් නිෂ්පාදන අංශයේ දර්ශකය නව ඇණවුම් සහ නිෂ්පාදන කටයුතු අඩු වේගයකින් වර්ධනය වී තිබේ. “චීන අලුත් අවුරුදු නිවාඩු සමයට පෙර තොග රැස් කරගැනීමට නිෂ්පාදකයන් කටයුතු කිරීම හේතුවෙන් තොග මිලදී ගැනීම් ඉහළ ගියේය. මේ එසේම ජනවාරි මාසයේදී ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය ඉහළ මට්ටමක පැවතුණි.” මහ බැංකුව පවසයි.
මේ අතර ඉදිරි මාස තුන තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා වන අපේක්ෂාවල වර්ධනයක් මෙම සමීක්ෂණයෙන් පෙන්නුම් කර ඇතැයිද මහ බැංකුව සඳහන් කරයි.
සේවා අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් දර්ශකය වර්ධනයට මූලිකවම තොග සහ සිල්ලර වෙළෙඳාම සහ නවාතැන් හා ආහාර පාන සේවා යන අංශවල වාර්තා වූ ශක්තිමත් ක්‍රියාකාරීත්වය හේතු වී තිබේ.
“ණය දීම් ඉහළ යෑම හේතුවෙන් මූල්‍ය සේවා හා සම්බන්ධ ව්‍යාපර ක්‍රියාකාරකම් අඛණ්ඩව වර්ධනය විය.” මහ බැංකුව පවසයි.
ඒ අනුව මූල්‍ය සේවා සඳහා වන ඉල්ලුම වැඩිවීම මෙන්ම අධ්‍යාපන සහ ගබඩා කිරීම ඇතුළුව භාණ්ඩ හා මගී ප්‍රවාහන අංශවල සිදු වූ වර්ධනයත් සමගින් ජනවාරි මාසයේදී නව ව්‍යාපාරවල ඉහළ යෑමක්ද දක්නට ලැබුණු බව මහ බැංකුව සඳහන් කරයි.
“වැඩිවන ඉල්ලුම සපුරාලීමට සිදු කළ නව බඳවා ගැනීම් නිසා සේවා නියුක්තියද ජනවාරි මාසයේදී තවදුරටත් ඉහළ යාම සිදු වුණා.” මහ බැංකුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd