
- සමස්තයෙන් සුළු ප්‍රමාණයක් වුවත් ඔවුන් රාජ්‍ය මූල්‍ය ආදායමට ඉහළ දායකත්වයක් දී තිබෙනවා - JB Securities පවසයි
- ජනවාරියේ ලියාපදිංචි කෙරුණු රථ අතරින් සියයට 64.17ක්ම යතුරු පැදි
භානුක අමරසිංහ
2025 වසරේ ජනවාරි මාසයේදී මෙරට වෙත ආනයනය කළ අධි සුඛෝපභෝගී මෝටර් කාර් සහ SUV රථ 11 ක් ලියාපදිංචි කෙරී ඇතැයි වාර්තා වෙයි. එම මාසයට අදාළ මෝටර් රථ ලියාපදිංචිය සම්බන්ධයෙන් JB Securities ආයතනය නිකුත් කළ වාර්තාවක මේ පිළිබඳව සඳහන්ව තිබේ.
ඒ අනුව Maybach GLS රථ 1ක්, Porsche Macan රථ 1ක්, Porsche Panamera රථ 1ක්, Bentley Bentayga (SUV) රථ 1ක්, Bentley Flying Spur sedans රථ 3ක්, Ferrari 296 GTBs රථ 2ක්, Lamborghini Urus (SUV) රථ 1ක්, Lamborghini Huracán (supercar) රථ 1ක් මෙන්ම Rolls-Royce Phantom EWB රථයක්ද මේ අතර වන බව සඳහන් වෙයි.
මේ අතරින් Rolls-Royce Phantom EWB රථය බොහෝ විට මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන මහතා විසින් ආනයනය කරන ලද රථය විය හැකි බවත් JB Securities ආයතනය පවසයි.
“මෙම අධිසුඛෝපභෝගී මෝටර් රථ සහ SUV ආනයනය කළ හිමිකරුවන් සියයට 200කට ආසන්න සමුච්චිත බදු ප්‍රමාණයක් ගෙවමින් මෙම ආනයන සිදු කර තිබෙනවා. ඒ හරහා ඔවුන් අති විශාල මූල්‍ය දායකත්වයක් ලබාදී තිබෙනවා. කවුරුන් මොනවා කිව්වත්, මෙම පිරිස සමස්තයෙන් ඉතාමත් අඩු පිරිසක් වුණත් ඔවුන් රාජ්‍ය මූල්‍ය ආදායම වෙත දැනෙන ආකාරයෙන් සහයෝගය ලබා දී තිබෙනවා.’’ JB Securities ආයතනය සඳහන් කරයි.
මෙම වාර්තාවට අනුව ජනවාරි මාසයේදී මෙරට තුළ අලුතින් වාහන 55,365ක් ලියාපදිංචි කෙරී ඇති අතර, ඉන් සියයට 64.17ක්ම යතුරු පැදි ලෙස සටහන්ව තිබේ. එහිදී මෝටර් කාර් රථ ලියාපදිංචිය දෙසැම්බරයේදී සිදුකළ ඒකක 5,007 ට සාපේක්ෂව ජනවාරියේදී 4,648ක් දක්වා පහත වැටී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd