2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට 25 දක්වා කාලය තුළදී මෙරට වෙත පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 223,645ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව මේ දක්වා දෛනික සංචාරක පැමිණීමේ සාමාන්‍ය සංචාරකයන් 8,946කි. ඒ අතරින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි දිනය ලෙස ජනවාරි 15දා සටහන්ව තිබෙන අතර, එම ගණන සංචාරකයන් 10,483කි. පවතින ප්‍රවණතා සමගින් ජනවාරි මාසය වාර්තාගත සංචාරක පැමිණීමක් සටහන් කරනු ඇතැයි ක්ෂේත්‍රයේ අදහස වී තිබේ. 2025 ජනවාරියේදී පැමිණි ගණන 252,761 කි.
වසරේ මේ දක්වා වැඩිම සංචාරක පැමිණීම් ප්‍රමාණය ලෙස ඉන්දියාවෙන් පැමිණි 41,603 සටහන්ව තිබේ. එය සමස්තයෙන් සියයට 19කි. එසේම එක්සත් රාජධානියෙන් 23,329ක්, රුසියාවෙන් 22,876ක්, ජර්මනියෙන් 14,431ක්, ප්‍රංශයෙන් 10,746ක්, චීනයෙන් 10,405ක්, ඔස්ට්‍රේලියාවෙන් 9,564ක්, පෝලන්තයෙන් 8,612ක්, එක්සත් ජනපදයෙන් 5,943ක් සහ නෙදර්ලන්තයෙන් 5,727ක් ලෙස මෙම සංචාරක පැමිණීම් සටහන්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd