
ජෝන් කීල්ස් පදනම තවත් සුවිශේෂී සමාජ මෙහෙවරක නිරත වෙමින් Rajawella Holding හි Rajawella Holding හි Victoria Golf Resort (VGR) සමග එක්ව මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉදි කළ නිතුලේමඩ ආදර්ශ පෙර පාසල පසුගියදා නිල වශයෙන් භාරදෙන ලදී.
විවිධ ජාතීන් නියෝජනය කරන උඩගම ප්‍රදේශයේ දරුවන්ට දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ ප්‍රමාණවත් පෙර පාසල් පහසුකම් නොතිබිණි. මීට පෙර මෙම ප්‍රදේශයේ මිහිර පෙර පාසලේ ගුරුවරුන්ට ඉඩකඩ ගැටලු හේතුවෙන් කිහිප වරක්ම පාසල වෙනත් ස්ථානයක් වෙත රැගෙන යාමට සිදු විය.
මෙම ගැටලුව විසඳීම සඳහා ජෝන් කීල්ස් පදනම 2020 වසරේ සිට පළාත් අධ්‍යාපන අමාත්‍යාශය, මුල් ළමාවිය සංවර්ධන ඒකකය සහ මැදදුම්බර ප්‍රාදේශීය සභාව සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වන ලදී. එම සාකච්ඡාවලදී එළඹුණු තීරණ අනුව, COVID වසංගතය, ආර්ථික අර්බුදය සහ ස්වාභාවික විපත් වැනි අභියෝග රැසක් ජයගනිමින් 2025 ඔක්තෝබර් මාසයේදී නව පෙර පාසල විවෘත කිරීමට හැකි විය.
විවෘත කිරීමේ උත්සවයට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, පළාත් කොමසාරිස් චමිලා අතපත්තු සහ මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති රවිඳු උස්වැටකෙයියාව ඇතුළු මහත්ම මහත්මීහුද, ජෝන් කීල්ස් සමූහය නියෝජනය කරමින් ප්‍රවාහන අංශයේ සභාපති සෆීර් හෂීම්, ආයතනික සමාජ සත්කාරක ප්‍රධානී කාමලීන් ජයසූරිය, ජ්‍යෙෂ්ඨ උප සභාපති (ගෝලීය සන්ධාන සහ හවුල්කාරීත්ව) හා ආයතනික කටයුතු ප්‍රධානී දිලීප් මුදාදෙණිය සහ Victoria Golf Resort හි සාමාන්‍යාධිකාරී කාංචන වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ සත්කාරක ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය පැවසුවේ ජෝන් කීල්ස් පදනමේ ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ මැදදුම්බර ප්‍රාදේශීය සභාව සහ Victoria Golf Resort සමග එක් වී මෙම ව්‍යාපෘතිය සාර්ථක ලෙස අවසන් කිරීමට හැකිවීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බවයි. අධ්‍යාපනය සඳහා සමාන අවස්ථා උදා කර දෙන අතරම ජාතීන් අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීම වැදගත් බව පෙන්වා දුන් ජයසූරිය මහත්මිය, අධ්‍යාපනය නගාසිටුවීම මෙන්ම ලාංකික අනන්‍යතාවක් නිර්මාණය කිරීම සඳහා දරුවන් සහ ප්‍රජාව අතර අවබෝධය, ගෞරවය සහ එකමුතුකම ඇති කරන ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම ජෝන් කීල්ස් පදනමේ අරමුණ වූ බව ද කියා සිටියාය.
COMMENTS