ජාතියක ආර්ථික ගමන්මගේ කැපී පෙනෙන සංධිස්ථානවලදී දිගුකාලීන සමෘද්ධිය තිරසාරව පවත්වා ගැනීමට තුඩු දෙන මූලික වටිනාකම් පිළිබඳ මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම වටිනාකම් අතරින් ශක්තිමත්ම මෙන්ම කාලානූරූපී සහ පරිවර්තනීය වටිනාකම් අතර ඉතිරිකිරීමේ හා සකසුරුවම් සංස්කෘතිය මුල් තැන ගනු ලබයි.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය 54 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී මෙම ආයතනය ස්ථාපිත කරනු ලැබුවේ තවත් එක් මූල්‍ය ආයතනයක් ලෙස පමණක් නොව ශ්‍රී ලාංකික ජනතාවගේ ඉතුරුම් බලගැන්වීම සහ ජාතියේ සංවර්ධනය සඳහා ඔවුන් යොමු කරලීමේ කාර්යභාරය පවරා ඇති ජාතික මෙවලමක් ලෙසින් බව අපට සිහිකැඳවයි.
එනමුදු, ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක ඉතුරුම් පිළිබඳ ඉතිහාසයල 1972 දී නූතන බැංකුව නිර්මාණය කිරීමට වඩා බොහෝ ඈතට දිව යයි. ජාතික ඉතුරුම් ව්‍යාපාරයේ මූලයන් 1832 තරම් අතීතයට විහිදෙයි. එකී කාල වකවානුව තුළ රට තුල මුල්ම ඉතුරුම් ආයතන සහ තැපැල් ඉතුරුම් මුලපිරීම් ක්‍රියාත්මක විණි. එබඳු මුල්ම ප්‍රයත්න අවසානයේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක මූල්‍ය ආයතනයක් බවට පත්වීමට අඩිතාලම වැටිණි.
සියවස් දෙකකට ආසන්න කාලයක් පුරා, මෙම අභිමානවත් ඉතුරුම් සම්ප්‍රදාය ජාතිය සමඟම විකාශනය වී ඇත. අද වන විට ජාතික ඉතිරිකිරීමේ බැංකුව මූල්‍ය ස්ථාවරත්වයේ කුළුණක් ලෙස පෙනී සිටින අතර වත්කම් පදනම රුපියල් ට්‍රිලියන 1.8 කට ආසන්න වන අතර, මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ගේ ඉතිරිකිරීම් ආරක්ෂා කරන අතරම රටේ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාවට සැලකිය යුතු ලෙස දායක වේ. 2025 දී බැංකුව එහි ඉහළම ලාභය වාර්තා කළ අතර, එහි මූල්‍ය ගමනේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සහ එහි ශක්තිය සහ හොඳ කළමනාකරණය නැවත තහවුරු කිරීම ද සැලකිය යුතු කරුණකි.
එහි වර්ධනය වන උස සහ මහජන විශ්වාසය තවදුරටත් පිළිබිඹු කරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව අද ශ්‍රී ලංකාවේ ඉහළම වටිනාම සන්නාම පහ අතරට පිළිගැනෙන අතර ආයතනය වසර ගණනාවක් පුරා ගොඩනගා ඇති ශක්තිමත් කීර්තිය සහ විශ්වසනීයත්වය ඉස්මතු කරයි. මෙම ගමන ආයතනික වර්ධනයට වඩා වැඩි යමක් පිළිබිඹු කරයි. එය විචක්ෂණශීලී මූල්‍ය කළමනාකරණයේ වටිනාකම පිළිබඳ ශ්‍රී ලාංකික පරම්පරා ගණනාවක කල් පවතින විශ්වාසය නියෝජනය කරයි.
ඉතුරුම්වල ආර්ථික වැදගත්කම
ආර්ථික න්‍යාය අතින් ගත්තද ප්‍රායෝගික භාවිතාව අතින් ගත්තද ප්‍රාග්ධන සම්පාදනයේ සහ තිරසාර සංවර්ධනයේ පදනම වන්නේ ඉතිරිකිරීමයි. ඉතිරිකිරීම් නොමැතිව අර්ථවත් ආයෝජනයකට ඉඩ නොමැත. ආයෝජනයකින් තොරව ආර්ථික වර්ධනය තිරසාර කළ නොහැක. සරලව ගතහොත් ජාතික ආර්ථික ප්‍රගතිය රඳා පවතිනුයේ වර්තමාන ආදායම, අනාගත අවස්ථාවක් බවට පරිවර්තනය කිරීම එහි පුරවැසියන්ට ඇති හැකියාව මතය.
යම් තැනැත්තෙකු තම ඉතුරුම්ල මූල්‍ය ආයතනවල තැන්පත් කරන විට එකී අරමුදල් අක්‍රීයව නොපවතී. එම අරමුදල් ඒකරාශී කොට ඵලදායී ආයෝජන සඳහා යොමු කරනු ලබන්නේ රජයේ සංවර්ධන වැඩසටහන් සඳහා මූල්‍යකරණය, යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා දායකවීම, ව්‍යාසායකත්වයට සහයවීම හා මූල්‍ය පද්ධතීන් ශක්තිමත් කිරීම යනාදිය වෙනුවෙනි.
එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය පුරවැසියන්ගේ ඉතුරුම් ඉලක්ක ජාතික සංවර්ධනය බලගන්වන ප්‍රාග්ධනය බවට පත්වෙයි. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයක් සඳහා දේශීය ඉතිරිකිරීම්වල වැදගත්කම අධිතක්සේරු කළ නොහැක.
විදේශ ණය මත අධික ලෙස යැපෙන ජාතීන් නිරතුරුවම බාහිර ආර්ථික කම්පන, මූල්‍ය අස්ථාවරත්වය හා ණය අවදානම්වල නිරාවරණය වේ. අනෙක් අතට ශක්තිමත් දේශීය ඉතිරිකිරීම් වර්ධනය කරනු ලබන රටවල් වැඩි ආර්ථික ස්වාධීනත්වයක් ස්ථාවරත්වයක් භුක්ති විඳිනු ලබයි.
ඉතිරිකිරීම් හා සංවර්ධනය අතර ඇති සම්බන්ධතාවය ශක්තිමත් චක්‍රයක ආකාරය ගනී.
ඉතුරුම් මගින් ආයෝජන ජනනය කරයි.
ආයෝජන මගින් ඵළදායීතාව, ඉහළ නංවයි.
ඵළදායීතාව, ආර්ථික වර්ධනයට සහ සෞභාග්‍යයට හේතු වේ.
මෙනයින් බලන කල පෞද්ගලික මූල්‍යමය තීරණ ගණයේලා සැලකෙන ඉතිරිකිරීමේ ක්‍රියාව, අවසානයේ ජාතික ප්‍රගතිය වෙත යොමු වුණු සාමූහික ප්‍රයත්නයක් බවට පත්වේ.
බොහෝ සාර්ථක සමාජයන්හි ආර්ථික දර්ශනය හැඩගස්වා ඇති මූලධර්මයක් වන සකසුරුවමෙහි දර්ශනය සහ අගය සබැඳී පවතින්නකි සකසුරුවම් සංකල්පය. සකසුරුවම යනු හුදෙක් මුදල් ඉතිරිකිරීමේ ක්‍රියාව පමණක් නොවේ. එයවූ කලී විනය, විචක්ෂණශීලීභාවය හා දූරදර්ශීබව කැටිකොටගත් මානසිකත්වයකි. එමෙන්ම, එය වර්තමාන, අනාගත වගකීම් සමග සමතුලිත කිරීමේ හැකියාව නියෝජනය කරයි.
ශ්‍රී ලාංකික සංස්කෘතික සම්ප්‍රදායන් තුළ සකසුරුවම්කම බොහෝ කලක සිට පිළිගනු ලැබූ ගුණධර්මයකි. මෙරට පරම්පරා ගණනාවක් හැදී වැඩුණේ, සම්පත් කළමනාකරණය කිරීම යනු පවුල් සඳහා ස්ථාවරත්වයත් ප්‍රජාව සඳහා සමෘද්ධියත් සහතික කරන සාධකයක්ය යන විශ්වාසය පෙරදැරිවය. කෙසේවෙතත්, නූතන ආර්ථික පරිසරය මෙම සාම්ප්‍රදායික මතය අභියෝගයට ලක් කරයි. වේගවත් නාගරීකරණය, තාක්ෂණික වෙනස්වීම් සහ පරිභෝජනය මත පදනම්වූ ජීවන රටාව බොහෝ විට දිගු කාලීන මූල්‍ය සැලසුම්කරණයට වඩා දිරිමත් කරනුයේ ක්ෂණික වියදම් රටාවකි.
එබඳු පරිසරයක සකසුරුවම් සංස්කෘතිය යනු ක්‍රියාශීලීව පෝෂණය කර රැකගත යුත්තකි. සකසුරුවම සමෘද්ධියට හෝ සෞභාග්‍යයට බාධාවක් ලෙස නොසැලකිය යුතුය. සකසුරුවම යනු තිරසාර සමෘද්ධියක් ගොඩනැංවිය හැකි මූලික පදනමයි. සකසුරුවම ක්‍රියාවේ යොදවන සමාජයක් විසින් එහි සම්පත් වඩාත් ප්‍රඥාාවන්ත ලෙස හසුරුවනු ලබන අතර වඩාත් ඵළදායී ලෙස ආයෝජනය කිරීමද එහි අනාගතය වඩාත් කාර්යක්ෂම ලෙස සුරැකීමද සිදු කරනු ලබයි.
ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියෙහිලා ඉතිරිකිරීමේ ආයතන වල කාර්යභාරය
ඉතුරුම් සංස්කෘතියක් පෝෂණය කිරීමෙහිලා තීරණාත්මක වගකීමක් මූල්‍ය ආයතනවලට පැවරේ. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කාර්යභාරය සැමවිටම සාම්ප්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට විහිදී ඇත. ආරම්භයේ සිටම බැංකුව සැලසුම් කර ඇත්තේ තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම සහ ජනතාව අතර ඉතිරිකිරීම් දිරිමත් කිරීම සඳහා ඇප කැප වුණු විශේෂිත ඉතුරුම් ආයතනයක් ලෙසිනි. පසුගිය වසර 54 ක කාල සීමාව තුළ මූල්‍ය සාක්ෂරතාව සවිමත් කිරීම හා මූල්‍ය අන්තර්ග්‍රහණය පුළුල් කිරීම අරමුණු කරගත් මුලපිරීම් මාලාවක් ඔස්සේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව නිරතුරුවම එහි මෙහෙවර ඉටු කොට තිබේ.
යෞවනයන් අතර ඉතුරුම් දිරිමත් කරන වැඩසටහන්, අධ්‍යාපනික ශිෂ්‍යත්ව සහ ප්‍රජා සහභාගීත්වය සහතික කරන මුලපිරීම්, යොවුන් පරපුර තුළ වගකිවයුතු මූල්‍ය පුරුදු වර්ධනය කිරීමෙහිලා උපකාරී වී තිබේ. ළමා වියේදී හා යොවුන් වියේදී ඇති කරගන්නා පුරුදු බොහෝ විට සමස්ත ජීවිතයටම අදාළ මූල්‍ය භාවිතය හා හැසිරීම හැඩගස්වන බැවින් එබඳු මුල පිරීම් විශේෂයෙන් වැදගත් වන බව කිව යුතුය.
එසේම, එහි දීර්ඝ කාලීන සහයෝගීතාවය ඔස්සේ අප දිවයිනේ වඩාත්ම දුරස්ථ ප්‍රදේශයන්හි වෙසෙන ප්‍රජාව පවා සම්බන්ධ කරගැනීමට බැංකුව සමත්වී තිබේ. මෙම හවුල්කාරීත්වය මගින් නාගරික ජනගහනයට පමණක් සීමා නොවී ශ්‍රී ලංකාව පුරා විසිරුණු පුරවැසියන් හට ඉතිරිකිරීමේ අවස්ථා හිමි කරදිය හැකි බව සනාථවී තිබේ. මූල්‍ය අන්තර්ග්‍රහණය යනු හුදු සටන් අරමුණක් නොව ආර්ථික අවශ්‍යතාවකි. පුරවැසියන් වැඩිවශයෙන් විධිමත් මූල්‍ය පද්ධතියට සහභාගී වන විට සමස්ත ජාතියටම පුළුල් හා ස්ථාවර ඉතුරුම් පදනමක් ඔස්සේ ප්‍රතිලාභ භුක්ති විඳිය හැකිවේ.
ඉතිරිකිරීම් හා ශ්‍රී ලංකාවේ ආර්ථික සචලතාව
ශ්‍රී ලංකාව මුහුණ දුන් මෑතකාලීන ආර්ථික අභියෝග විසින් දේශීය මූල්‍යමය සචලතාව සවිබලගැන්වීමේ වැදගත්කම අවධාරණය කරනු ලබයි.
ආර්ථික අවිනිශ්චිතතාව පවතින කාල වකවානු, කෙටි කාලීන ප්‍රාග්ධන සැකසුම් පවතින නැතහොත් බාහිරින් ගනු ලබන ණය මත අධික ලෙස යැපෙන ආර්ථිකයන්හි අවදානම හෙළි කරනු ලබයි. එවන් වාතාවරණයකදී ශක්තිමත් දේශීය ඉතිරිකිරීම් මිල කළ නොහැකි ස්ථාවර බලවේගයකි. ශක්තිමත් ජාතික ඉතුරුම් පදනමක් මගින් විදේශ ණය මත යැපීම අවම කරවන අතර රජයකට හා විවිධ මූල්‍ය ආයතනවලට සංවර්ධනයට සහයවීමට අවශ්‍ය සම්පත් සැපයේ.
ඒ හා සමානවම වැදගත්වන්නකි ගෘහ මට්ටමේ ඉතිරිකිරීමේ කාර්යභාරය. ආර්ථික පසුබෑම්, හදිසි සෞඛ්‍ය අවශ්‍යතා, රැකියා ආශ්‍රිත ගැටලු වැනි අනපේක්ෂිත සිදුවීම්වලට මුහුණදීම පිණිස හොඳින් සන්නද්ධවීමට මූල්‍ය සංචිතයක් පවත්වාගන්නා පවුල්වලට හැකියාව ලැබේ. සමස්ත ආර්ථිකය සලකන විට ඉතිරිකිරීම යනු ආර්ථික ආරක්ෂාව සලසන එමෙන්ම සමාජ ස්ථාවරත්වය ගොඩනගන ක්‍රියාවලියකි. එබැවින්, ඉතුරුම් සංස්කෘතියක් දිරිමත් කිරීම, පුද්ගලයන්ගේ, පවුල්වල මෙන්ම සමස්තයක් ලෙස ජාතියේ ඔරොත්තුදීමේ හැකියාව නැතහොත් සචලතාව ශක්තිමත් කරයි.
ඩිජිටල් යුගය සහ ඉතිරිකිරීමේ පරිණාමය
තාක්ෂණික නවෝත්පාදන මගින් මෙහෙයවනු ලබන මූල්‍ය ක්ෂේත්‍රය, ගැඹුරු පරිවර්තනයකට බඳුන් වෙමින් පවතී. ඩිජිටල් බැංකුකරණය, ජංගම මූල්‍ය සේවා සහ මූල්‍ය තාක්ෂණ වේදිකා විසින් මිනිසුන් සිය මූල්‍ය කටයුතු කළමනාකරණය කරන ආකාරය යළි නිර්වචනය කරනු ලබයි. මෙම නවෝත්පාදන මගින් ඉතිරිකිරීම් වෙත අන් කවරදාකටත් වඩා ප්‍රවේශ විය හැකි, පහසු සහ කාර්යක්ෂම ක්‍රියාවලියක් සකස් කරදී ඇත. වෙනස්වන ගනුදෙනුකාර අපේක්ෂා සමග ඉතිරිකිරීමේ සංස්කෘතිය අඛණ්ඩව පරිණාමය වන බව සහතික කිරීම සඳහා ඩිජිටල් පරිවර්තනය සමග අනුගතවීම ජාතික ඉතිරිකිරීමේ බැංකුව වැනි මූල්‍ය ආයතන සඳහා අත්‍යවශ්‍ය වේ.
කෙසේ වෙතත්, තාක්ෂණයට ඉතිරිකිරීම් පහසු කළ හැකි වුවද ඉතිරිකිරීම තිරසාරව පවත්වාගැනීම සඳහා අවශ්‍ය මූලිකාංගය වන විනයට ආදේශකයක් ලෙස ක්‍රියාකිරීමට එයට හැකියාවක් නොමැත. එහෙයින් ඩිජිටල් පහසුව යන්න මූල්‍යමය සාක්ෂරතාව සහ වගකිවයුතු මූල්‍ය හැසිරීම මත ගොඩනැගුණු අඛණ්ඩ අවධාරණය සමගින් අත්වැල් බැඳගත යුතුය.
ඉදිරි පරපුරෙහි මූල්‍යමය දැනුවත්භාවය ගොඩනැගීම
ඕනෑම ජාතියකට සිදු කළ හැකි වැදගත්ම ආයෝජනය වන්නේ එහි තරුණයන්ගේ මූල්‍ය අධ්‍යාපන නගා සිටුවීමයි. වත්මන් තරුණ තරුණියන් මුහුණදී සිටින්නේ ආර්ථිකමය වශයෙන් සංකීර්ණ මෙන්ම අනොන්‍ය වශයෙන් එකිනෙකට යාවුණු, සම්බන්ධ වුණු ලොවකටයි. එහෙයින් ඔවුන්ගේ මූල්‍ය කටයුතු වගකීමෙන් යුතුව කළමනාකරණය කිරීමට අවශ්‍ය දැනුම හා පුරුදු ඔවුන් තුළ ස්ථාපනය කිරීම වැදගත් වේ.
ඉතිරිකිරීමේ ගිණුම් විවෘත කිරීමට දරුවන් දිරිමත් කිරීම, යමක් ලබාගැනීම සඳහා කලක් වෙහෙසීමේ සහ බලා සිටීමේ වටිනාකම ඔවුන්ට පහදාදීම මෙන්ම නිතිපතා ඉතිරිකිරීමේ විනය ඇති කිරීම යනාදිය ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම ප්‍රතිලාභ හිමි කරදෙන කුඩා පියවර වේ. දරුවකු ඉතිරිකිරීමට ඉගෙනගන්නා විට එමගින් ජනිත වන බලපෑම පුද්ගලයාගෙන් ඔබ්බට විහිදේ. එය පවුල ශක්තිමත් කරයි. ආර්ථික ස්ථාවරත්වයට දායක වේ. එමෙන්ම නිවැරදි තීරණ ගැනීමට හැකියාව ඇති පරම්පරාවක් ගොඩනගයි.
විශ්වාසයේ උරුමය
පසුගිය දශක පහකට වැඩි කාල සීමාවක් තුළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වර්ධනය හා සාර්ථකත්වයට හේතුවී ඇත්තේ එක් මිල කළ නොහැකි වත්කමකි. එනම්, මහජන විශ්වාසයයි. මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් තමන් වෙහෙසවී උපයන සිය ඉතුරුම් බැංකුවට භාරදෙන්නේ එම මුදල සුරක්ෂිතව හා වගකීමෙන් යුතුව කළමනාකරණය කරනු ලබන්නේය යන අපේක්ෂාවෙනි.
අද වන විට රුපියල් ට්‍රිලියන 1.8 කට ආසන්න වත්කම් පදනමකට හිමිකම් කියන අතර ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙරට මහජන ඉතුරුම්වල ශක්තිමත්ම භාරකරුවකු ලෙස කටයුතු කරයි. මෙම විශ්වාසය අතිශය බැරෑරුම් වගකීමකි. බැංකුව විසින් තම තැන්පත්කරුවන්ගේ මූල්‍ය යහපැවැත්ම ආරක්ෂා කරනු ලැබීමේදී ඉහළම මට්ටමේ පාලන ප්‍රමිති, විනිවිදභාවය සහ විචක්ෂණභාවය අඛණ්ඩව පවත්වා ගත යුතුය. එම විශ්වාසය පවත්වාගැනීම හුදෙක් ආයතනික වගකීමක් නොව ජාතික යුතුකමකි.
ඉතුරුම් කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් කරා
ශ්‍රී ලංකාවේ අනාගතය දෙස බලන විට වඩාත් පැහැදිලි වන කරුණක් නම් ඉතිරිකිරීම් කේන්ද්‍ර කරගත් ආර්ථික සංස්කෘතියක් ශක්තිමත් කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවට පත්ව ඇති බවයි. ආර්ථික සචලතාව හුදෙක් ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ හෝ ජාත්‍යන්තර ගිවිසුම් මගින් පමණක් ගොඩනැගිය නොහැක. ඒ සඳහා පුරවැසියන්ගේ මූල්‍ය පුරුදු මෙන්ම මූල්‍ය විනයද අත්‍යාවශ්‍ය වේ. නිතිපතා ඉතිරිකිරීමෙහි යෙදෙන ජාතියක් අධ්‍යාපනය, යටිතල පහසුකම්, නවෝත්පාදනය සහ සමාජ සුභසාධනය උදෙසා අයෝජනය කිරීමට අවැසි සම්පත් රැස්කිරීමට සමත් වේ. එවැනි ජාතියක්, බාහිර ආර්ථික පීඩන වෙත මුහුණපෑමේ සම්භාවිතාව අවම කරගන්නා අතර තමන්ගේම සංවර්ධන සැලසුමකට මුලපිරීමේ හැකියාව වඩාත් තීව්‍ර කරගනී.
මිලියන සංඛ්‍යාත පුරවැසියන් මෙම කාර්යය සාමූහිකව සිදු කරන විට එකී කුඩා පියවර බලසම්පන්න ජාතික බලවේගයක් බවට පත්වීම වැළැක්විය නොහැක.
අප ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 54 වන සංවත්සරය සමරන මේ මොහොතේ සුවහසක් ශ්‍රී ලාංකිකයන් අප කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව බෙහෙවින් කෘතඥා වන අතර බැංකුව පිහිටුවීමට මූලිකවූ මූලධර්ම සමග අඛණ්ඩව අනුකූල වන බවට ප්‍රතිඥා දෙමු. 1832 දී ඉතිරිකිරීමේ ව්‍යාපාරය සමග සනිටුහන් වන ඉතිරිකිරීමේ සංකල්පය වර්ධනයේ මුල් අවධියේ සිට රුපියල් ට්‍රිලියන 1.8 කට ආසන්න වෙමින් තිබෙන වත්කම් පදනමක් සමගින් මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ මුල් බැසගත් දැවැන්ත ආයතනයක් බවට පත්වීම දක්වා ජාතික ඉතිරිකිරීමේ බැංකුව පැමිණි ගමන්මග මගින් පිළිඹිබු වන්නේ සරල එහෙත් පරිවර්තනීය වෙනසක් ඇති කළ හැකි අදහසක අන්තර්ගත වන අසිමාන්තික බල මහිමයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd