

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 2026 නව වසර වෙනුවෙන් වැඩ ආරම්භ කිරීම එම බැංකුවේ කොල්ලුපිටිය ප්‍රධාන කාර්යාලයේ දී ඉකුත් 01 වැනිදා උත්සවාකාරයෙන් සිදු විය.
මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා සහ අනුශාසනා සමග සර්ව ආගමික වතාවත් සහ ආශිර්වාද මැද ආරම්භ වූ මෙම අවස්ථාවට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ ජූඩ් නිලුක්ෂාන්, සාමාන්‍යාධිකාරී ශෂී කණ්ඩම්බි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කේ. රවීන්ද්‍රන් යන මහත්ම මහත්මීන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, සහකාර සාමාන්‍යාධිකාරීවරුන්, ඉහළ කළමනාකාරීත්වය වෘත්තීය සංගම් නියෝජිතයන් සහ සමස්ත සේවක ප්‍රජාවද සහභාගී වූහ.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නිලධාරී ශෂී කණ්ඩමිබි මහත්මිය සේවක පිරිස අමතමින් 2025 අභියෝගාත්මක වසරක් වුවද ජාතික ඉතිරිකිරීමේ බැංකුව අංශ රැසකින් ප්‍රගතියක් එම වසරේදී අත්කරගත් බව සඳහන් කළාය. එසේම 2025 වසරේ ජයග්‍රහණ වෙනුවෙන් කැපවූ සැමට ස්තූතිය පළ කළ අතර, 2025 වසරේදී වඩා ඉහළ ජයග්‍රහණ ලබා ගැනීම වෙනුවෙන් මනා ගනුදෙනුකාර සබඳතාවකින් යුතුව කටයුතු කළ යුතු බවද සඳහන් කළායග එසේම සියලුදෙනා එක්සත්ව කටයුතු කරමින් ආයතනයේ සහ දේශයේ ප්‍රගතිය වෙනුවෙන් කැපවීමේ වැදගත්කමද එතුමන් අවධාරණය කළාය. සාධනීය ප්‍රවණතා නව වසර තුළදී තවදුරටත් පවතිනු ඇති බවට ඇය සුබවාදීව ප්‍රකාශකළාය.

COMMENTS