ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් මුදල් අමාත්‍යංශය සහ මහා භාණ්ඩාගාරය ක්‍රියාවට නංවන වී ඇතුළු අනෙකුත් ධාන්‍ය ගබඩාගත කිරීමේ වැඩසටහන මගින් ගොවියාගේ ශ්‍රමයට සාධාරණත්වයක් මෙන්ම මූල්‍යමය වටිනාකමක් එකතු කිරීමට හැකි බව එම වැඩසටහනේ උපදේශක ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු විගණකාධිපතිවරයකු වන ඩබ්ලිව්.එම්.කරුණාරත්න මහතා සඳහන් කරයි.
වී, බඩ ඉරිඟු, තල, මුං, කව්පි, සෝයා, ගම්මිරිස්, කුරක්කන් ඇතුළු අනෙකුත් ධාන්‍ය වර්ග ගබඩාගතකරණය කිරීමේ වැඩසටහන අනුව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ශ්‍රී ලංකාවේ මුල්ම ගබඩාව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව, උපුල්දෙණිය ප්‍රදේශයේදී පසුගියදා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතින් විවෘත කෙරිණි.
ගුදම් කුවිතාන්සි මූල්‍යකරණ ව්‍යාපෘතිය යටතේ කෘෂි නිෂ්පාදන ගබඩාගත කිරීමට ගොවියාට අවකාශ සැලසෙන අතර අස්වනු නෙලන කාලයේදී පහත වැටෙන බෝග මිල යළි ඉහළ නැංවෙන තෙක් ආරක්ෂාකාරීව ගබඩාගත කර තබාගැනීම මෙමගින් සිදු කෙරේ. උපරිම කිලෝ ග්‍රෑම් 12,000ක් දින 120ක කාලයක් තුළ ගබඩා කර තබාගන්නා අතර ඒ හේතුවෙන් තම බෝග ඉහළ මිලකට විකුණාගැනීමේ හැකියාව ගොවියාට හිමිවේ.
මුදල් අමාත්‍යංශයේ හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපතිගේ ඍජු අධීක්ෂණයට යටත්ව ගබඩාව පාලනය කරනු ලබන අතර මෙය ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතුව ඉදිකිරීම සඳහා ලෝක බැංකුව ඇමෙරිකා ඩොලර් බිලියන 6.5ක් ලබාදී ඇත.
මෙහි අඩිතාලම පිහිටි පොළොවෙන් ඉහළට නංවා ඇත. ඒ මත ඝන කොන්ක්‍රීට් තට්ටුවකි. වහලය හා බිත්ති සම්බන්ධවන බැවින් කුරුල්ලන්ට හෝ වෙනත් සතුන්ට ඇතුළු විය නොහැක. සූර්ය තාපය පාලනය කරන සෙවිලි සහිතව වහලය නිමා කර තිබේ. අභ්‍යන්තර වාතාශ්‍රය පවත්වා ගැනීමට හා අධික තාපය මැඩීමට අවශ්‍ය වා කවුළු හා සිසිලන ක්‍රමවේදයක් පවතී. ගබඩාවේ බාහිර ආරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය ආරක්ෂක සේවාවන්හි පොදු රැකවරණයද, සීසීටීවී කැමරා පද්ධතිය, අධිසැර විදුලි ආලෝකය, සුරක්ෂිත දොරටු, ආරක්ෂිත ඇතුළුවීමේ ගේට්ටු වැනි ආරක්ෂණ විධි විධාන යොදා තිබේ. ගිනි උවදුරු, ජල ගැලීම්, සොරකම් හෝ වෙනත් උපද්‍රවවලින් ගබඩාවට හා එහි ගබඩාගත බෝගවලට සිදුවිය හැකි හානි සඳහා පූර්ණ රක්ෂණාවරණයක්ද ලබාදෙයි.
මෙහි තැන්පත් කරන ධාන්‍ය ප්‍රමාණය වෙන වෙනම කිරා පරීක්ෂා කර බලා ඒ අයට වෙනම ලදුපත් නිකුත් කරනු ලබයි. එම ලදුපත් බැංකුවට ඉදිරිපත් කර ණය මුදල් ලබාගැනීමේ අවස්ථාවද ගොවියාට උදාකරදී ඇති බව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව කියයි.
ගබඩාගත කළ සියලු තොරතුරු පරිගණක දත්ත පද්ධතියක් හරහා නිරීක්ෂණය කිරීමේ හැකියාවද ගොවියාට හිමිවේ.
යෝජිත තවත් ගබඩාවක් නුදුරේදීම මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා මන්නාරම දිස්ත්‍රික්කයේ මුරුක්කන් හිදීද ඉදිකිරීමට යෝජිතය.
මෙම ගබඩා කළමනාකරණය සහ සම්බන්ධීකරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් සිදුකෙරේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න නියම වැඩ. මාස හතෙන් ගොඩනැගිල්ල හදලා විවෘතත් කරනවා. මෙහෙම වැඩ කරනවා නම් රටක් දියුණු කරන එකත් මහ කජ්ජක්ද? හැබැයි ඉතින් අනුන් හදපුවා තමන් කරපුවා වගේ පෙන්නන එක නම් වැරදියි (නදී)
මුලින්ම නඟාසිටුවන්න ඕනෑ කෘෂිකර්මාන්තය. ඊට සාපේක්ෂව වාරිමාර්ග පද්ධතිය නවීන තාක්ෂණය ඔස්සේ දියුණු කරන්න ඕනෑ. දිස්ත්‍රික්ක මට්ටමෙන් මෙවැනි අගනා ව්‍යාපෘති කඩිනමින් කරන්න ඕනෑ. රටක මුලිකම අවශ්‍යතාව වන ආහාර සියල්ල රට තුළම නිපදවා ගැනීම අපි කාගේත් වගකීමක්. විශාල මුදල් කන්දක් ලෝකෙට පුජාකරනවා රටේ නිෂ්පාදනය අඩුකම නිසා. (නි)
මුලින්ම නගා සිටුවන්න ඕනි කෘෂි කර්මාන්තයයි. එයට සාපේක්ෂව වාරිමාර්ග පද්දතිය නවීන තාක්ෂනය ඔස්සේ දියුණු කරන්න ඕනි. දිස්ත්‍රික්ක මට්ටමෙන් මෙවැනි අගනා වයාපෘති කඩිනමින් කරන්න ඕනි. රටක මුලිම අවශ්‍යතාවය වන අහාර සියල්ල රට තුලම නිපදවා ගැනීම අපි කාගේත් වගකීමක්. විශාල මුදල් කන්දක් ලෝකෙට පුජා කරනවා රටේ නිෂ්පාදනය අඩුකම නිසා.(නදී)
නියම වැඩක්. එහෙත් හරියට වේලා නැති අස්වැන්න ගබඩා කළොත් ඔක්කොම කුණුවෙනවා. ගුල්ලෝ ගහනවා. ගොවියොත් අවංක වෙන්න ඕනෑ. නැත්නම් අපේ රටේ කෘෂිකර්මාන්තය නඟා සිටුවන්න බැහැ. රජයට පාඩු සිදුවෙනවා. (නි)
බලමු දැන් රනිල් චින්තනයෙන් වැඩක් කරයිද කියලා. දැන් ඉතින් හරියට වැඩ කළේ නැත්නම් ගෙදර තමයි යන්න වෙන්නේ. ලේසි නැහැ ඉදිරියට. (නි)
අනුන් හදපුවා විවෘත කිරීම ගැන පසුගිය කාලයේ නිතරම ප්‍රවෘත්ති පළවුණා. මේවා හදන්නේ මහජන මුදල් වියදම් කරලා. කවුරුන්වත් තම පුද්ගලික බූදලයෙන් වියදම් කරලා මේවා හදන්නේ නැහැ. කවුරු හැදුවත් ඉතින් බලයේ ඉන්න මහජන නියෝජිතයන් තමා මේවා විවෘත කරන්නේ. ඉතිහාසයේ කවදත් වුණේ එහෙමයි. (නි)
මේවා බොහෝ ඉහතදී කළයුතුව තිබුණු වැඩ. මේ සමගම එළවලු පලතුරුත් කල් තබා ගත හැකි ක්‍රම ගොවියට සලස්වා දුන්න නම් තරුණ පරපුරත් මේ වෙනුවෙන් උනන්දු වෙනවා. ඉතාමත් අගය කලයුතු වැඩක්. කවුරු විවෘත කලත් මේවා තමන්ගේ බුදලයෙන් හදපුව නෙමෙයි.ගොවියට සෙතක් වෙන නිසා කවුරුහරි ඉක්මනින් විවෘත කරපු එක හොදයි. (අ)
මේවා බොහෝ ඉහතදී කළයුතුව තිබුණු වැඩ. මේ සමඟම එළවලු පලතුරුත් කල් තබා ගත හැකි ක්‍රම ගොවියට සලස්වා දුන්න නම් තරුණ පරපුරත් මේ වෙනුවෙන් උනන්දු වෙනවා. ඉතාමත් අගය කළ යුතු වැඩක්. කවුරු විවෘත කලත් මේවා තමන්ගේ බුදලයෙන් හදපුවා නෙමෙයි.ගොවියට සෙතක් වෙන නිසා කවුරුහරි ඉක්මනින් විවෘත කරපු එක හොදයි.(ම)
මේවා බොහෝ ඉහතදී කළයුතුව තිබුණු වැඩ. මේ සමගම එළවලු පලතුරුත් කල් තබා ගත හැකි ක්‍රම ගොවියට සලස්වා දුන්න නම් තරුණ පරපුරත් මේ වෙනුවෙන් උනන්දු වෙනවා. ඉතාමත් අගය කළයුතු වැඩක්. කවුරු විවෘත කළත් මේවා තමන්ගේ බුදලයෙන් හදපුව නෙමෙයි.ගොවියට සෙතක් වෙන නිසා කවුරුහරි ඉක්මනින් විවෘත කරපු එක හොදයි. (බ)