කොළඹ විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද “Safe steps” ව්‍යාපෘතියේ දෙවන අදියර වන “Safe youth”, පසුගියදා සියඹලාපේ දරණාගොඩ මහා විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි. අපරාධ සහ අනතුරු අවම කිරීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතියේ දී, කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, නීතිඥ අයේෂ්මන්ත ගයාන් මහතා සයිබර් අපරාධ පිළිබඳ දේශනයක් පැවැත්වූ අතර, කරාතේ පුහුණුකරු මධුෂාන් රොද්‍රිගෝ මහතා විසින් ආත්මාරක්ෂාව පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා පාසල් සිසුන් 150 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූ අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයේ සාමාජිකයන්ගේ ද සහභාගිත්වයෙන් ව්‍යාපෘතිය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd