2024 වසරට සාපේක්ෂව සියයට 6.40ක වර්ධනයක්
භානුක අමරසිංහ
කොළඹ වරාය පසුගිය වසර තුළදී බහාලුම් 8,291,178 ක් හසුරුවමින් එතෙක් මෙතෙක් වසරක් තුළ සිදු කළ වැඩිම බහාලුම් හැසිරවීමේ වාර්තාව තැබීමට සමත්ව ඇතැයි පවසයි.
මෙය 2024 වසරේදී කොළඹ වරාය සිදුකළ බහාලුම් හැසිරවීම් 7,792,069 හා සැසඳීමේදී සියයට 6.40 ක වර්ධනයකි. ඒ අනුව කොළඹ වරාය තවදුරටත් දකුණු ආසියාවේ ප්‍රධානතම බහාලුම් මධ්‍යස්ථානයක් ලෙස තම ස්ථාවරය රැක ගැනීමට සමත්ව තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.
මෙම බහාලුම් වාර්තාව සනිටුහන් කිරීම සඳහා පසුගියදා කොළඹ වරාය තුළ විශේෂ උත්සව අවස්ථාවක්ද සංවිධානය කර තිබේ.
විශේෂයෙන්ම මෙම සාර්ථකත්වය ළඟා කරගැනීම කොළඹ වරායේ පිහිටි සියලුම පර්යන්ත මෙහෙයුම්කරුවන් එක්ව සිදු කළ සාමුහික උත්සාහයක ප්‍රතිඵල බව එම අධිකාරිය පවසයි.
මේ අතරින් කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) එහි ඉදිරියෙන්ම සිටින අතර, ඔවුන් අතිවිශාල ප්‍රමාණයේ බහාලුම් ප්‍රවාහන නෞකා වෙත පහසුකම් සපයයි. එසේම සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (SAGT) මගින් කලාපී සහ භාණ්ඩ ප්‍රතිනැව්ගත කිරීමේ සේවා වෙත සහාය දක්වමින් අතරමැදි මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ භූමිකාව තවදුරටත් ශක්තිමත් කරයි.
මීට අමතරව අලුතින් ඉදි කෙරුණු කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය (CWIT) මගින් අනාගත බහාලුම් ධාරිතාව තවදුරටත් ශක්තිමත් කරමින් දීර්ඝ කාලීන දායකත්වය ලබා දීමට සූදානමින් සිටින බවත් පවසයි.
COMMENTS