• 2024 වසරේ දෙවැනි භාගයට සාපේක්ෂව සියයට 10.6 ක වර්ධනයක් 
  • නේවාසික, වාණීජ සහ කාර්මික යන අනු දර්ශක තුනම පිළිවෙළින් සියයට 12.4ක, සියයට 11.3ක සහ සියයට 8.0 ක වාර්ෂික ඉහළ යෑමක්

2025 වසරේ දෙවැනි භාගය වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශක අගය 261.9ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2024 වසරේ දෙවැනි භාගයට සාපේක්ෂව සියයට 10.6ක වර්ධනයකි. 
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 දෙවැනි භාගය සඳහා නිකුත් කළ ඉඩම් තක්සේරු දර්ශකය තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ. 
මෙහිදී එම වර්ධනය අදාළ තක්සේරු දර්ශකයේ අනු දර්ශක වන නේවාසික, වාණීජ සහ කාර්මික යන අනු දර්ශක තුනම පිළිවෙළින් සියයට 12.4ක, සියයට 11.3ක සහ සියයට 8.0 ක වාර්ෂික ඉහළ යෑමක් වාර්තා කෙරී තිබේ. 
 “මේ අතර අර්ධ වාර්ෂික පදනම අනුව සැලකීමේදී 2025 වසරේ පළමු භාගයේ වාර්තා වූ අගයන්ට සාපේක්ෂව 2025 වසරේ දෙවැනි භාගයේදී ඉඩම් තක්සේරු දර්ශකය සියයට 2.1 ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. මෙහිදී වාණිජ සහ නේවාසික අනු දර්ශක ඉහළ වර්ධන වේගයක් පෙන්නුම් කළේය.“ මහ බැංකුව පවසයි.