මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (සුළු හා මධ්‍ය පරිමාණ, සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය) වික්‍රම නාරායන මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (සුළු හා මධ්‍ය පරිමාණ, සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය) වික්‍රම නාරායන


ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය නැවත ගොඩනගීමට මහජන බැංකුවේ සූදානම කෙසේද?
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ශ්‍රී ලංකා ආර්ථිකයේ ජිවනාලිය ලෙස ක්‍රියා කරයි. එමෙන්ම එය රැකියා අවස්ථා නිර්මාණය, ප්‍රාදේශීය සංවර්ධනය සහ ආදායම් විසමතාව අවම කිරිමේදි වැදගත් කාර්යභාරයක නියැලේ. මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුවේ ප්‍රධානතම අරමුණක් ලෙස  ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයට දායක වීම හැඳින්විය හැකිය.
අප බැංකුවේ අපේක්ෂාව වන්නේ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු ව්‍යවසන යථා තත්වයට පත්කිරිම පමණක් නොව, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ වර්ධනයට සහය වීමයි. එහිදි, ආරම්භක ක්ෂුද්‍ර ව්‍යාපාර ව්‍යවසායකයාගේ සිට, මහා පරිමාණ ව්‍යාපාර දක්වා, ව්‍යාපාරික අවශ්‍යතා අනුව මූල්‍ය පහසුකම්, මූල්‍ය උපදේශන සහ ව්‍යාපාර ක්ෂේත්‍රය සඳහා විශේෂිත විසඳුම් ඇතුළත් වේ. දිවයින පුරා පැතිරී ඇති මහජන බැංකුවේ ශාඛා ජාලයෙන්, මහජන බැංකුව නාගරික, ග්‍රාමීය සහ දුෂ්කර ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ට සෘජුවම සහාය විය හැක.


මහජන බැංකුව හරහා ලැබිය හැකි රජය මගින් මූල්‍යයනය කරනු ලබන මූල්‍ය පහසුකම් මොනවාද?
මහජන බැංකුව රජය මඟින් මූල්‍යයනය කරනු ලබන සහ සහනදායි ණය යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒවා සාමාන්‍ය වෙළෙඳපොළ පොලී අනුපාතවලට වඩා අඩු පොලී අනුපාත, මධ්‍යම/දිගු කාලීන ආපසු ගෙවීමේ කාල සීමා, ව්‍යාපෘතිවල ශක්‍යතාව අනුව ණය ප්‍රමාණ සහ ව්‍යාපාරික ක්ෂේත්‍ර, අරමුණ සහ ව්‍යාපාර පරිමාණය අනුව නිර්ණය කරන ලද සුදුසුකම් මත පදනම්ව ක්‍රියාත්මක කරයි.
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ අනුව රජය මගින් මූල්‍යයනය කරනු ලබන ණය පහසුකම් පහත සඳහන් ක්ෂේත්‍ර සඳහා මහජන බැංකු ශාඛා මගින් ලබාගත හැක.
මහජන බැංකුව ලබාදෙන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ණය පහසුකම්
මහජන  බැංකුව ව්‍යාපාරික අවශ්‍යතා අනුව වැඩිදියුණු සහ ක්ෂේත්‍ර-විශේෂිත ණය පහසුකම් පිරිනමන අතර,  දෛනික ව්‍යාපාරික මෙහෙයුම් සඳහා කාරක ප්‍රාග්ධන ණය සහ යන්ත්‍රෝපකරණ, ව්‍යාපාර පුළුල් කිරීම සහ නවීකරණ සඳහා කාලීන ණය, ආනයන/අපනයන/දේශීය වෙළෙඳාම සඳහා වෙළෙඳ මූල්‍යන ණය, මුදල් ප්‍රවාහය කළමනාකරණය සම්බන්ධ ගැටලු
 සඳහා චක්‍රීය ණය පහසුකම් හා අයිරා පහසුකම් මෙන්ම කෘෂිකර්මාන්තය, නිෂ්පාදන ව්‍යාපාර,සංචාරක ව්‍යාපාරය, ඉදිකිරීම් අංශය, යටිතල පහසුකම් සැපයීම හා සේවා සැපයීම ආදී ව්‍යාපාරික ක්ෂේත්‍ර සඳහා විශේෂිත  ණය ද ලබාදෙයි.
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත ලබාදෙනු ලබන ණය මුදල් වල ප්‍රමාණය, පොලී අනුපාත සහ ආපසු ගෙවීමේ කාලසීමාව අදාළ  ව්‍යාපාරයේ ස්වභාවය, ණය ලබාගන්නා අරමුණ සහ ණය ඇගයීම්  මත පදනම්ව වෙනස් වන අතර, මෙහිදී දිගු කාලීන ආයෝජන සඳහා වසර ගණනාවක ආපසු ගෙවීමේ කාලසීමාවක් ලබාදෙනු ලැබේ. එසේ ම මෙම ව්‍යාපාර වර්ගීකරණය කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වාදී ඇති  ක්ෂුද්‍රණි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නිරිවචනය අදාළ කරගනී.
මහජන බැංකුවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය යෝජනා (බැංකුව විසින් මූල්‍යනය කරනු ලබන): සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන ණය යෝජනා ක්‍රමය  (SMED), ව්‍යාපාරික සවිය  (Business Power), සූර්ය බල ණය යෝජනා ක්‍රමය (Solar Power Generation Loan Scheme), හරිත සවිය ණය යෝජනා ක්‍රමය (Green Loan), People’s Spark  ණය යෝජනා ක්‍රමය,  ජාතික ණය සුරැකුම් ආයතනය මගින් ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමය (NCGIL Loan Scheme), මහජන සවිය ණය යෝජනා ක්‍රමය  (People’s Power Loan Scheme), වනිතා සවිය ණය යෝජනා ක්‍රමය (Vanitha Saviya Loan Scheme), අස්වැන්න ණය යෝජනා ක්‍රමය (Aswenna Loan Scheme), ඔඩපණ ණය යෝජනා ක්‍රමය (Pledge Loan Scheme)  (බැංකුව විසින් මූල්‍යනය කරනු ලබන අංශය)


ගනුදෙනුකරුවන් මෙවැනි පහසුකම් ලබාගැනීමට කළ යුතු වන්නේ කුමක්ද ?
ගනුදෙනුකරුවන් විසින් මෙම පහසුකම් ලබාගැනීමට ආසන්නතම ශාඛාව වෙත පැමිණිය යුතු වේ. ශාඛා කළමනාකරුවන් සහ ණය නිලධාරීන් විසින් ගනුදෙනුකරුගේ අවශ්‍යතාව ඇගයීමට ලක්කර, සුදුසු පරිදි  බැංකු විසින් මූල්‍යනය කරනු ලබන හෝ රජය විසින් මූල්‍යනය කරනු ලබන ණය යෝජනා ක්‍රමයක් නිර්දේශ කිරීම, ණය ලබාගැනිමට සුදුසුකම් ලබන්නේද යන්න සහ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම හා සම්පූර්ණ ණය ක්‍රියාවලිය තුළ සහාය ලබාදීම සිදු කරයි.
මෙම ශාඛා මත පදනම් වූ ප්‍රවේශ ක්‍රමය මගින් විනිවිදභාවය, හසල මාර්ගෝපදේශනය  සහ කාර්යක්ෂම තීරණ ගැනීම සිදුවන බව සහතික කරයි. මහජන  බැංකුව දිගු කාලීන ජාතික වගකීමක් ලෙස ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට මෙන්ම තම මූල්‍ය මූලාශ්‍ර සහ රජය මගින් මූල්‍යනය කරනු ලබන ව්‍යාපෘති හරහා ස්ථායී මූල්‍ය විසඳුම් ලබා දීමට අඛණ්ඩව කැපවෙයි.