IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


කලම්බු ඩොක්යාර්ඩ් හිමිකම් නිකුතුවට CSE අනුමැතිය

 


භානුක අමරසිංහ


කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම සිදු කිරීමට සැලසුම් කළ හිමිකම් නිකුතුව සඳහා කොළඹ කොටස් හුවමාරුව පසුගිය නොවැම්බර් 06 වැනිදා අනුමැතිය ලබාදුන් බව එම සමාගම පවසයි. 

ඒ අනුව මෙහිදී සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් 02ක් සඳහාම අලු‍තින් කොටස් 09ක් නිකුත් කිරීම යෝජනා වී තිබේ. මේ හරහා නිකුත් කෙරෙන සමස්ත කොටස් සංඛ්‍යාව 323,365,158ක් වන අතර, එම කොටස් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමටත් සැලසුම වී තිබේ. 

මෙහිදී ලබන දෙසැම්බර් 03 වැනිදා පැවැත්වෙන සමාගමේ අතිවිශේෂ මහාසභා රැස්වීමෙන් අනතුරුව අදාළ හිමිකම් නිකුතුවේ ඉල්ලු‍ම්පත්‍ර පිළිගෙන ගෙවිම් භාරගන්න ජනවාරි 02 වැනිද දක්වා කාලය තුළ සැලසුම් කර ඇති හිමිකම් නිකුතවට අදාළ කටයුතු සම්බන්ධයෙන්ද සමාගම පසුගියදා කොළඹ කොටස් හුවමාරුව දැනුවත් කර තිබේ. මීට පෙර පසුගිය සැප්තැම්බර් මාසයේදීද එම සමාගම මෙම හිමිකම් නිකුතුව සිදු කිරීමට සැලසුම් කර තිබුණද පසුව එය අත්හැර දැමුණි.

මෙ අතර දැනට ලබන දෙසැම්බර් 11 වැනිදා දක්වා කල් දමා තිබෙන සමාගමේ කොටස් ගනුදෙනු අත්හිටුවීමේ තීරණය තවත් දිර්ඝ කරවා ගැනීමටද කටයුතු කරන බවත් කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම පවසයි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙත පසුගිය ඔක්තෝබර් 29 වැනිදා ලිපියක් මගින් දැනුම්දුන් බවත් සමාගම සඳහන් කරයි.



අදහස් (0)

කලම්බු ඩොක්යාර්ඩ් හිමිකම් නිකුතුවට CSE අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 130 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site