• කොටස් හිමිකරුවන් සංඛ්‍යාවත් 352 කින් ඉහළ ගිහින් 

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කේබල් සොලියුෂන්ස් පීඑල්සී සමාගමේ මහජන කොටස් හිමිකාරීත්වය 2025 දෙසැම්බර් 31 වැනිදා වනවිට සියයට 18.26ක් බවට පත්ව ඇතැයි එම සමාගම පවසයි. මෙය 2025 සැප්තැම්බර් 30 වැනිදා පැවැති සියයට 15.12 ක ප්‍රතිශතයට සාපේක්ෂව සියයට 3.14 ක ඉහළ යාමකි. 
එසේම අදාළ කාලසීමාවේදී සමාගමේ මහජන කොටස් හිමිකරුවන් සංඛ්‍යාවත් 2,206 ක සිට 2,558 ක් දක්වා 352 කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව මෙම අවස්ථාව ලැයිස්තුගත සමාගමක් මගින් පවත්වාගෙන යා යුතු අවම මහජන කොටස් හිමිකාරීත්වය පිළිබඳ අවශ්‍යතාවලට තවදුරටත් අනුකූල වීමේ අවස්ථාවක් බවත් කේබල් සොලියුෂන්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. 
කේබල් සොලියුෂන්ස් පීඑල්සී සමාගමේ සියයට 51 ක කොටස් හිමිකාරීත්වයක් ACL Cables PLC සමාගමට හිමිය.