Atlas Axillia හරහා මෙම මිලදී ගැනීම සිදු කිරීම සැලසුමයි
භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය වෙත කෙන්යාවේ Twiga Stationers and Printers Ltd සමාගමෙහි සියයට 75 ක කොටස් ප්‍රමාණයක් අත්පත් කරගැනීම සඳහා එරට තරගකාරීත්ව අධිකාරිය මගින් අනුමැතිය ලබාදී ඇතැයි පවසයි.
හේමාස් සමූහය සිය Atlas Axillia සමාගම හරහා මෙම අත්පත් කරගැනීම සිදු කිරිම සැලසුම වී තිබේ. එම සමූහය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පළමුවරට මෙම අත්පත් කරගැනීම පිළිබඳව අනාවරණය කළේය. මෙම Twiga Stationers සමාගම අද වනවිට කෙන්යාවේ සුප්‍රසිද්ධ Kasuku සහ Crownbird යන පොත් සහ ලිපි ද්‍රව්‍ය නිෂ්පාදකයා වෙයි. එසේම ඔවුන් එරට එම වෙළෙඳපොළෙහි සියයට 49.4ක පංගුවක් හිමි කර ගැනීමට සමත්ව සිටියි. කෙන්යාවට අමතරව Twiga Stationers සමාගම උගන්ඩාව, ටැන්සානියාව, රුවන්ඩාව, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ඉතියෝපියාව, බුරුන්ඩි, සැම්බියාව, මලාවි, එරිත්‍රියාව සහ මැඩගස්කරය යන කලාපයේ රටවලටද සිය මෙහෙයුම් ව්‍යාප්ත කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd