IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කොටස් වෙළෙඳපොළේ ශක්තිමත් ආයෝජන බලාපොරොත්තු

නව රජය සැලසුම් සහගත සමාජ - ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපිත කර නව පරිපාලනයක් යටතේ ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ආයෝජන වාතාවරණයක් ගොඩනගනු ඇතැයි කොළඹ කොටස් හුවමාරුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මහ මැතිවරණයේදී බහුතර ජනවරමක් ලබමින් සුවිශේෂී ජයග්‍රහණයක් ලැබීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු නව ආණ්ඩුවට කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සුබ පැතුම් පළ කරමින්, ඒ බව සඳහන් කරයි.

ශ්‍රී ලාංකික ජනතාව නව ආණ්ඩුවට ලබා දී තිබෙන තීරණාත්මක සහයෝගය සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රසාදය පළ කරන බවත් නව පරිපාලනය ශක්තිමත්, සැලසුම් සහගත සමාජ-ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපිත කර ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ආයෝජන වාතාවරණයක් ගොඩනගනු ඇතැයි විශ්වාස කරන බවත් කොළඹ කොටස් හුවමාරුව නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.

විශේෂයෙන්ම, ගැසට් කරන ලද නිශ්චිත වගකීම් යටතේ මුදල් අමාත්‍යාංශය තුළ රාජ්‍ය අමාත්‍යවරුන් යටතේ ප්‍රාග්ධන වෙළෙඳපොළවල් ඇතුළත් කිරීම පිළිබඳව කොළඹ කොටස් හුවමාරුව සිය සතුට ප්‍රකාශ කරන අතර ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළවල් සංවර්ධනය කිරීම සඳහා අර්ථවත් මැදිහත් වීමක්ද නව ආණ්ඩුවෙන් අපේක්ෂා කරන බව ද කොළඹ කොටස් හුවමාරුව කියයි.

නව ආණ්ඩුවට ලබා දී ඇති ජනවරම තුළින් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන වේගවත් හා තිරසර සමාජ ආර්ථික සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සක්‍රීය කිරීමට මෙය අනගි අවස්ථාවක් වනු ඇතැයි ද කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

වාණිජමය ව්‍යවසාය සඳහා ප්‍රාග්ධනය එක්රැස්කර ගැනීමට සහ පුරවැසියන් සඳහා ධනය උත්පාදනය කිරීමට පහසුකම් සැලසීමේදී ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළඳපොළ වැදගත් කාර්යභාර්යයක් ඉටු කළ යුතු බව තරයේ විශ්වාස කරන බවත් අදාළ අමාත්‍යාංශය , ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ රජයේ සංවර්ධන දැක්මට සක්‍රියව සහාය දක්වන වෙනත් රාජ්‍ය ආයතන සහ වෙළඳපොළ අතරමැදියන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් කොළඹ කොටස් හුවමාරුව තවදුරටත් සඳහන් කරයි.

055



අදහස් (1)

කොටස් වෙළෙඳපොළේ ශක්තිමත් ආයෝජන බලාපොරොත්තු

athula Friday, 14 August 2020 08:19 PM

නාලක ගොඩහේවා එනවද..? කාඩ් කුට්ටම කොහොම අැනුවත් එකයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site