කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක ඉහළ ගිය නමුත් එම වර්ධනය මෑත දින කිහිපය තුළ සිදුවූ පහත වැටීම් ඉක්මවන්නට තරම් වී නැත. ඊයේ දිනය පුරා ස්ථාවරභාවයක් පෙන්වනලද අතර සුළු වශයෙන් කොටස් මිල වැඩිවන අවස්ථාවල විකූණා ලාබලැබීමට යුහුසුළුවන බවක් නිරීක්ෂණය කළ හැකි විය. පොලී අනුපාත හා රජයට ණය සැපයීමේ අංශවල පවතින අවස්ථා කොටස් වෙළෙඳාමේ වර්ධනය අවහිර කරන්නට තරමක් හේතු වූ බව දැක්වේ.
කෙසේ වෙතත් ඉදිරි කාලය තුළ මෙරට පැවැතියහැකි ප්‍රවණතා සලකා බලන පසු දැනට පවතින මිල ගණන්වලට කොටස් මිල දී ගෙන යම් ආයෝජනයක නිරතවීම වාසිදායක විය හැකිය. පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද අලුත් ආදායම් සංශෝධන පනත් කෙටුම්පත අනුව ආදායම් ප්‍රභව සම්බන්ධ සංකීර්ණ ප්‍රවණතා ඇති විය හැකි බව නිරීක්ෂණය වේ. විදේශ අංශවල සක්‍රීය භාවයක් දක්නට ලැබේ. සියලු කොටස් මිල දර්ශකය වර්ධනය වන අතර විනිමය අනුපාතිකය සම්බන්ධ පැතිකඩ හේතු කරගෙන විදේශීය මිල දී ගැනීම් ඉහළ ගිය දිනයක් වශයෙන් නම් කළ හැකිය. සමස්ත මිල දී ගැනීම් රු. මිලියන 249.4 විකිණීම් රු මිලියන 55.0 ක් වශයෙන් සටහන්ය. මෙම ප්‍රවණතාව ඉදිරියට ද අපේක්ෂා කළ යුතුවේ.
අද දිනයේ කොළඹ කොටස් වෙළඳ පොල ආයෝජන අංශවල උනන්දුව සාමාන්‍ය තත්ත්වයක පවතිනු ඇත. විදේශීය සහභාගීත්වය දියුණු වුවහොත් ඉසුරුමත් සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ යා හැකිය. එය ඉදිරි සතිය තුළ හොඳ ආයෝජන අවස්ථාවක් වශයෙන් සනිටුහන් වනු ඇත.
ඊයේ ( පෙබ 26) වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,781.23 ක් තෙක් ඉපහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 78.13 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,710.17 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 24.90 ක ඉහළ ගියේය. දෛනික පිරිවැටුම රු. බිලියන 4.91 ක් සේ සනිටුහන්ය. ගනුදෙනු 38,496 ක් වාර්තා වී තිබුණි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 195.89 ක් විය. සමාගම් 148 ක කොටස් මිල ඉහළ ගියේය.
නිරීක්ෂක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd