කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සමස්ත වත්කම් ප්‍රමාණය පසුගිය පෙබරවාරි මාසය අවසන් වන විට රුපියල් බිලියන 50 ඉක්මවීමට සමත් වූ බව එම සමාගම පවසයි.
පසුගියදා එම හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මෙම කරුණු අනාවරණය කර සිටියි. ඒ අනුව මෙය සිය වර්ධන ගමනේ තවත් එක් වැදගත් පියවරක් බව පවසන සමාගම, වසර ගණනක් පුරා පවත්වාගෙන ගිය යහපත් මූල්‍ය කළමනාකරණය, උපායමාර්ගික ව්‍යාප්තිය සහ සිය පාරිභෝගිකයන්, කොටස් හිමිකරුවන් සහ පාර්ශ්වකරුවන් සමාගම කෙරෙහි තැබූ විශ්වාසය පිළිබිඹු කරන බවත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd