ශ්‍රී ලංකාවේ තිරසර සංචාරක ව්‍යාපාරයේ ප්‍රමිතිය ඉහළ නැංවීමක්


ශ්‍රී ලංකාවේ ගමනාන්ත කළමනාකරණ සමාගම් අතර ප්‍රමුඛයා, එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම (ASTL) ගෝලීය තිරසර සංචාරක කවුන්සිලය (GSTC) වෙතින් ජාත්‍යන්තර පිළිගැනීමට ලක් කෙරෙන සහතික කිරීම හිමි කරගෙන ඇත. එය, සමාගමේ තිරසර ගමන්මගෙහි ඓතිහාසික කඩඉමක් කරා ගෙන ගිය මොහොතකි.
තිරසර සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ ලොව වඩාත්ම පරිපූර්ණ වූත් ගෞරවයට පාත්‍ර වූත් කාර්යරාමුවක් සපයන GSTC එය ගොඩනගා ඇත්තේ, තිරසර කළමනාකාරිත්වය, දේශීය ප්‍රජාවට සමාජ-ආර්ථික ප්‍රතිලාභ, සංස්කෘතික උරුමය සුරැකීම, සහ පාරිසරික වගකීම යන ප්‍රධාන සාධක සතර මත ය.
GSTC සහතිකය හිමිවීම ASTL සමාගම ලද කීර්තිමත් ජයග්‍රහණයකි. එය පහසුවෙන් ලබාගත හැකි සහතික කිරීමක් නොවේ. ඊට අදාළ ක්‍රියාවලිය ද ප්‍රබල ය. එහිදී, එම ක්‍රියාවලියට අදාළ සියල්ල සමාගමක් විසින් සර්ව-සම්පූර්ණ කළ යුතු වේ. සංචාරක ක්ෂේත්‍රයට පුළුල් අන්දමින් සම්බන්ධව සිටීම, සැපයුම් දාමයට අනුකූලව කටයුතු කිරීම, නිසි පාරිසරික පිළිවෙත් අඛණ්ඩව අනුගමනය කිරීම, ලේඛනගත කිරීම් මනාව පවත්වාගෙන තිබීම සහ GSTC හි බලයලත් සමාගමක් වන ස්වාධීන තෙවන පාර්ශ්වයක් විසින් සමාගම් පරිශ්‍රය තුළම විගණන කටයුතු කිරීම ආදී වැදගත් හා දැඩි ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීම එහිදී අනිවාර්ය වේ. ASTL සමාගමේ ආයතනික ක්‍රමෝපාය, මෙහෙයුම් ක්‍රියාදාම සහ තීරණ-ගැනීමේ කාර්යරාමු වෙතට තිරසර පිළිවෙත් පිළිබඳ අනුකූලතා එක් කිරීමට වඩා වැඩි විශාල වගකීම් රැසක් දැරීමට හා ඒ අනුව තම මෙහෙයුම් කටයුතු පවත්වා ගැනීමට ද සමාගම ක්‍රියා කළ යුතු වේ.
එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම තිරසර මුලධර්ම සක්‍රීයව ක්‍රියාවට නංවා ඇති අයුරු හා ප්‍රතිපත්තිවලින් ඔබ්බට ගොස් අර්ථාන්විතව මෙහෙයුම් කටයුතුවල නියැලීම වෙනුවෙන් විශාල කැපවීමකින් කටයුතු කර ඇති අයුරු මෙම සහතික කිරීම මගින් සනාථ වේ.
ලද ජයග්‍රහණය ගැන අදහස් පළ කළ එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, නලින් ජයසුන්දර මහතා මෙසේ පැවසීය. “අද අප හිමි කරගත්තේ, සියලු තිරසර සහතික කිරීම් අතරින් ඉහළම සහතිකයයි. GSTC සහ Travelife ද්විත්ව සහතික කිරීම් හිමිව ඇති ගෝලීය සමාගම් සංඛ්‍යාව ඉතාම අල්පය. එම ද්විත්ව සහතික කිරීම හිමි ශ්‍රී ලංකාවේ එකම සමාගම ASTL වේ. එය අපට සැබෑ ආඩම්බරයකි. අප සමාගම තුළ ක්‍රියාත්මක තිරසර ක්‍රියාවලිය යනු එක් හුදෙකලා වැඩපිළිවෙළක් නොවෙයි. එය ක්‍රියාවට නංවා ඇත්තේ පැහැදිලි නායකත්ව මගපෙන්වුමකින් හා දැඩි පාලනයකින් යුතුවයි. GSTC සහතික කිරීම යනු, තිරසර සංචාරක ක්ෂේත්‍රයේ උසස්තම ගෝලීය මිණුම් ලකුණයි. ASTL හි ක්‍රියාත්මක තිරසර ක්‍රියාවලිය, අපගේ ක්‍රමෝපාය දිශානතියට හා පාලන කාර්යරාමුවට තදින්ම කාවද්දන ලද්දකි. අපගේ මෙහෙයුම් කටයුතු, අපගේ මව් සමාගම වන එයිට්කින් ස්පෙන්ස් පීඑල්සී සමූහයේ කටයුතු අනුව දැඩිව පෙළගස්වා ඇත. එමගින් අප සහතික කරගන්නේ, අපගේ සියලු ක්‍රමෝපාය මව් සමාගමේ ක්‍රියාවලි හා සමකාලිකව කෙරෙන බවයි. එනිසා, ඒකාබද්ධ වූත්, සැලකිය යුතු වූත්, වැඩදායක වූත් දායකත්වයක් අප සමාගමෙන් එයිට්කින් ස්පෙන්ස් සමූහය වෙත ලැබේ. සංචාරක ක්ෂේත්‍රයේ බැබළෙන නාමයක් හිමිකර ගත් පුරෝගාමියකු වන අප ආදර්ශයෙන් ක්‍රියා කරන සමාගමකි. වගකීමෙන් යුතු සංචාරක කර්මාන්තයක් කෙරෙහි අප දක්වන අව්‍යාජ කැපවීම, සත්‍යවාදී බව, නිසි වැඩපිළිවෙළකට අනුව යන බව සහ අප සමූහයේ අනෙකුත් කටයුතු හා ඒකාබද්ධව පවත්වාගෙන යන බව මේ ලද සහතික කිරීමෙන් තවදුරටත් තහවුරු කෙරෙයි”.
වර්මාන ගෝලීය සංචාරකයන් පරිසර හා සමාජ පියසටහන් ගැන පෙරටත් වඩා වැඩි උනන්දුවකින් යුතු අය වේ. එවැනි වටපිටාවක දී GSTC සහතික කිරීම තුළින් සනාථ කරන්නේ, තිරසර භාවය වෙනුවෙන් අද මෙන්ම හෙටත් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිවලට ගරු කරන, සංස්කෘතික උරුමය සුරකින, දේශීය ප්‍රජාවට සමාජ-ආර්ථික ප්‍රතිලාභ උපදවා දෙන සංචාරක අත්දැකීම් සැපයීමට ASTL කටයුතු කරමින් පෙරමුණ ගෙන ඇති බවයි.
GSTC වෙතින් ලද මෙම සහතික කිරීම ASTL සමාගම ගත් ඓතිහාසික ජයග්‍රහණයකි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තිරසර නායකයකු වශයෙන් ගෞරවයට පාත්‍රවීම යනු වගකීමෙන් යුතු සංචාරක කටයුතුවල නියැලීම උදෙසා පමණක් ම හිමි වූ ගෞරවයක් නොවේ. සමාගමේ වටිනාකම්, චර්යාවන් හා ක්‍රමෝපාය වෙත කාවද්දන ලද කැපී පෙනෙන උසස් ප්‍රමිතිය වෙනුවෙන් ද හිමි වූ ගෞරවයකි.